සිරිසේන - මහින්ද : තීරණාත්මක සාකච්ඡාව සූදානම් !

සිරිසේන - මහින්ද : තීරණාත්මක සාකච්ඡාව සූදානම් !

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර සන්ධානයක් ඇති කරගන්නවාද, එය කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ජූලි 24 වැනිදා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගෙන තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරියේදී විපක්ෂ නායකවරයා සමග සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට තීන්දු කර ඇත.

හැකි ඉක්මනින් එම සාකච්ඡාව සිදුකරන බව ජනාධිපතිවරයා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ප්‍රකාශ කර තිබේ.

ශ්‍රීලනිප කණ්ඩායම මීට පෙර මධ්‍යම කාරක සභා රැස්වීමකදී තීන්දුවක් ගෙන තිබුණේ මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවය.

එම තීන්දුව ගත් අවස්ථාවේදී ශ්‍රීලනිපයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව එකඟතාවක්ද ඇති කරගෙන තිබුණි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සමග ජනාධිපතිවරයා සාකච්ඡා කොට ශ්‍රීලපොපෙ සමග එක්වීමට ඉඩක් තිබේදැයි සොයා බැලිය යුතු බවත්, එසේ නොමැති නම් ශ්‍රීලනිපය ජනාධිපතිවරණයට තනිව අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවත් ජූලි 24 දා සකච්ඡාවේදී එකඟතාවක් ඇති කරගෙන තිබේ.

ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර සාකච්ඡා තවමත් අවසන් වී නොමැති නමුත්, එම සාකච්ඡා ජනාධිපතිවරණය දක්වාම ඇදී යනු ඇති බවත් එයින් අවසන් තීන්දුවක් ගත නොහැකි බවත් ශ්‍රීලනිප කණ්ඩායමේ මතය වී තිබේ.

ජනාධිපති දෙගිඩියාවක !

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපය තනිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද නැද්ද යන්න පිළිබඳව මෙම මධ්‍යම කාරක සභා සාකච්ඡාවේදීද පැහැදිලි මතයක් ප්‍රකාශ නොකළ බව අප සමග අදහස් දැක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් කීය.

ඒ පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවලදී ජනාධීපති මෛත්‍රීපාල සිරිසේනගේ හැසිරීම අනුව ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන දෙගිඩියාවක සිටන බව පෙනී යන බව ඔහු පැවසීය.

මේ අතර ජනාධිපතිවරයාට සමීප තවත් ආරංචි මාර්ගයක් ප්‍රකාශ කළේ ඇතැම් විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක ප්‍රබල ඇමතිකමක් හෝ ලබා ගැනීමේ එකඟතාව මත පොදුජන පෙරමුණ සමග සන්ධානයක් ඇති කර ගැනීමට ජනාධිපතිවරයා එකඟවීමේ ඉඩක්ද ඇති බවය.

(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න