බක්මහ දිවුරුමේ : දැන්වීම් මුදල් ප්‍රශ්නයක් : ජනාධිපති බොරු කියලා

බක්මහ දිවුරුමේ : දැන්වීම් මුදල් ප්‍රශ්නයක් : ජනාධිපති බොරු කියලා

පසුගිය අප්‍රේල් 3 දින “මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුම” “Bakmaha diuruma oath for a country free of drugs” යනුවෙන් සිංහල හා ඉංග්‍රීසි  ජාතික පුවත්පත් සියල්ලේම පාහේ ව්‍යාකරණ මෙන්ම අක්ෂර වින්‍යාස දෝස රැසක් ද  සහිත අමුතු ආකාරයේ මුල් පිටු දැන්වීම් කවරයක් පළ කොට තිබුණි.

mathin

ඒවා අතර

නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට මරණිය දණ්ඩනය ක්‍රියාත්මකයි !

මත්කුඩු කිලෝ තොගයක් ජනතාව ඉදිරියේ ගින්නට !

කුඩු ජාවාරමේ මහා මොළකරුවන් සොයා නොනවතින මෙහෙයුමක !
පාසල් දරුවන් මත් රකුසාගෙන් බේරා ගන්න පාසල් තුළට සේවාවක්
පාණාතිපතා වේරමණී සික්ඛාපදං සමාදියාමි !
රැකියා විරහිත උපාධිධාරියෙක් අළුගෝසු තනතුරට අයදුම් කරයි !

ආදී ලෙස සඳහන් පාඨ සිංහල පුවත් පත් වලද

Get sentence for illegal Drugs

Liquor and Others…Police Narcotic Beauro

Drugs to burn before public

Bakmaha diuruma oath for a country free of drugs

ආදී වූ වැකි ඉංග්‍රීසි පුවත් පත් වලද මුල්පිටු දැන්වීම් කවරයක් (False Cover) සහිතව ප්‍රචාරය කොට තිබුණි.

ඒ අනුව අප්‍රේල් මස 4 වන දින “ බක්මහ දිවුරුම” නමින් අප්‍රේල් 3 වන දින ජාතික පුවත් පත් වල පළ කරන ලද මුල්පිටු දැන්වීම් කවරය සම්බන්ධයෙන් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනතට අනුව, vikalpavoices සම කර්තෘ ඉෂාරා දනසේකර විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත තොරතුරු ඉල්ලීමක් විද්‍යුත් තැපෑල මඟින් යොමු කර තිබිණ.

එමඟින්

  1. 2019. 04. 03 දින “බක්මහ දිවුරුම” සම්බන්ධයෙන් වන දැන්වීම පළ කරන ලද පුවත් පත් මොනවාද?
    2. පුවත්පත් දැන්වීම් පළ කිරීම සඳහා වැය කළ සමස්ත මුදල කොපමණද? යන තොරතුරු විමසා තිබේ.mathimn12කෙසේවෙතත් එය ලද බවට වන මුලික දැනුම්දීම ඇය වෙත ලැබී ඇත්තේ 2019.05.06 දින ජනාධිපති සහකාර ලේකම් ඉරේෂා. එන්. වීරසේකර නමැත්තිය විසින් තොරතුරු ඒකකය වෙනුවෙන් අත්සන් කරන ලද ලිපියකිනි.

mathin3

ඉන් අනතුරුව දින 14 ක් තුළ අදාළ තොරතුරු නොලැබීම මත ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු දැනගැනීමේ  ඒකකය වෙත 2019. 05.31 , 2019.06.07 , 2019. 06.10 , 2019.06.12 යන දින 4 තුලදී සම්බන්ධ කරගත හැකි වූ අවස්ථා 6 කදී අදාළ තොරතුරු ඉල්ලීම සම්බන්ධව නැවත දුරකථන ඔස්සේ විමසීම් කර ඇත.

ඒ අනුව 2019 ජුනි 12 වන දින විද්‍යුත් තැපෑලෙන් සහ ලියාපදිංචි තැපෑලෙන්, ජනාධිපති අතිරේක ලේකම් බි.කේ.එස් රවින්ද්‍ර (තොරතුරු නිලධාරි) ගේ අත්සනින් යුතුව “ අදාළ අංශ මඟින් තොරතුරු ලබා ගැනීම සඳහා අමතර කාලයක් අවශ්‍ය වීම හේතුවෙන් , තොරතුරු ඉල්ලීම වෙනුවෙන් තොරතුරු සැපයීමට දින 14 ට අමතරව තවත් දින 21 ක කාලයක් ගතවන බව දන්වා ඒවා තිබුණ.

mathin4

ඒ අනුව ගැටලු කීපයක් මතු වේ.

බක්මහ දිවුරුම සම්බන්ධ ව්‍යාජ කවරයක් ( false Cover ) පළ කොට තිබු ” Daily Mirror ” පුවත් පත, අප්‍රේල් 4 වන දින නිකුත් කරන ලද තම Late city Edition හී සඳහන් කොට තිබුණේ “එම වෙළඳ දැන්වීමට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් තමන් වෙත මුදල් ගෙවා මෙම කවරය පළ ඇති අතර ඇති බවත්, එහි අන්තර්ගතයේ දෝෂ සම්බන්ධව තමන්ට කිසිදු වගකීමක් කර්තෘ මණ්ඩලය ලෙස භාර ගත නොහැකි බවත්ය.

mathin5

එහෙත් තොරතුරු ඉල්ලීමට පිළිතුරු දක්වා ඇති ජනාධිපති ලේකම් කාර්යාලය එවන ලද තොරතුරු වලට අනුව ඩේලි මිරර් (Daily Mirror) පුවත් පතට එම දැන්වීම් ලබා දී ඇති බවට තොරතුරු දක්වා නැත.

එසේම දක්වා ඇති පුවත් පත් වලටද දැන්වීම් සඳහා කිසිදු ගෙවීමක් කර නැති බවද තොරතුරු වල දක්වා තිබේ.

එසේ නම් මේ දැන්වීම අදාළ පුවත් පත් මඟින් පළ කොට ඇත්තේ, නොමිලයේ ද? නැත්නම් ඒවා ප්‍රචාරය කොට ඇත්තේ මුදල් ගෙවා ඇති බවට ජනතාව නොමග යවමින්ද ? එසේත් නැත්නම් කිනම් පදනමක් මතද ? යන්න දැන් ගැටලුවක්ව පවතී.

නිරාවරණය කොට ඇති තොරතුරු අනුව, සත්‍ය පවසන්නේ කවුරුන්ද යන උභෝතෝකොටිකය මේ අනුව මහජනතාව මත පැටවී තිබේ.

ඔවුන් දෙපාර්ශයම සත්‍ය තොරතුරු මහජනයාගෙන් වසන් කරනවාද? මේ මහජන මුදල් සම්බන්ධ විනිවිද භාවය පවත්වා ගත යුතු තත්වයක් බරපතල තත්වයක් නොවේද? ඒ අනුව අපට සත්‍ය දැනගැනීමට ඇති අයිතිය දැන් උරගා බැලිය හැකි ඊළඟ පියවරට අප යා යුතුව තිබේ.

(vikalpa.org)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න