මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වැඩ අරඹයි !

මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වැඩ අරඹයි !

මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ඒ.කේ.ආර්. ධර්මපාල ඊයේ (29) සිය රාජකාරි කටයුතු ආරම්භ කළේ ය.

1985 වසරේ දී රාජ්‍ය පරිපාලන සේවයට ඇතුළත් වූ ඒ මහතා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ය. අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයකු ලෙස සේවය කර ඇති ධර්මපාල මහතා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකි.

ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයකු ලෙස සේවය කර ඇති ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ඉඩම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයක් ලෙස ද සේවය කර ඇත.

කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය හා එම විශ්ව විද්‍යාලයෙන් ම ශ්‍රාස්ත්‍රපති උපාධිය ද හිමි කර ගත් ඒ මහතා වසර 34ක රාජ්‍ය සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න