මරණ දණ්ඩනය අහෝසි කරන : පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට !

මරණ දණ්ඩනය අහෝසි කරන : පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට !

මරණීය දණ්ඩනය අහෝසි කිරීම සහ ආනුෂාංගික විධිවිධාන සැලැස්වීම පිනිස වූ පනත් කෙටුම්පත එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ විසින් පාර්ලිමේන්තුවට අද (01දා) ඉදිරිපත් කළේය.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේ පෞද්ගලික මන්ත්‍රිවරයෙකුගේ පනත් කෙටුම්පතක් ලෙසය.

කිසියම් පනතක මරණ දණ්ඩනය නියම කිරීම හෝ මරණ දඬුවමින් දඬුවම් කිරීම සම්බන්ධයෙන් කර ඇති සඳහනක් මෙම පනත ක්‍රියාත්මක වීම සමඟ සහ ඉන් පසුව ජීවිතාන්තය දක්වා සිර දඬුවමින් දඬුවම් කිරීම ලෙස සංශෝධනය වන බව එහි සඳහන් වෙයි.

මෙම පනත ක්‍රියාත්මක වීමට පෙර යම් පුද්ගලයෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ නම් එම පුද්ගලයා එම වරද සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමට නියම වූ පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බවත් එහි දක්වා තිබේ.

මෙම පනත ක්‍රියාත්මක වීමට පෙර යම් පුද්ගලයෙකු මරණයෙන් දඬුවම් කර ඇති වරදක් සිදුකර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් අධිකරණයකින් දඬුවමක් නියම කොට නොමැතිනම් එම පුද්ගලයා ජීවිතාන්තය දක්වා සිර දඬුවමකින් දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු ලෙසද එහි වැඩිදුරටත් දක්වා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න