Language Switcher

V2025

රටේ ආර්ථිකය ගොඩදාන්න : අනාගතය නිර්මාණය කරන්න පුළුවන් මේ ආණ්ඩුවටයි - අගමැති

රටේ ආර්ථිකය ගොඩනැගීමට මෙන්ම රටේ අනාගතය නිර්මාණය කිරීමටද හැකියාව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (01දා) පැවැති කොළඹ “මොට්රෝ හෝම්ස්” නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ණය ගෙවාගත නොහැකි රජයක් 2015 වර්ෂයේදී ලබාගත් වත්මන් ආණ්ඩුව මේ වනවිට ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසයක් ගොඩනගා ඇති බවත්, ඉදිරියේදී ජපන් සමුරායි බැඳුකර මිලියන 500ක් ලබාගැනීමටද අදහස් කරන බවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසූයේ මේ වසර අතුළත කොළඹ ජනතාවට නිවාස 2000ක් පමණ ලබාදීමට කටයුතු කර ඇති බවත්, තවත් නිවාස 5000ක් ඉදිකිරීම ආරම්භ කරන බවත්ය. එමෙන්ම රට පුරා තවත් නිවාස 6000ක ඉදිරිකිරීම් මේ වසරේදී ආරම්භ කරන බවද හෙතෙම සඳහන් කළේය.

කොම්පඤ්ඤ වීදියේ මෙටේරෝ නිවාස ව්‍යාපෘථිය පසුගිය රජය සමයේදී ආරම්භ වූ බවත්, එහිදී සිදු වූ අක්‍රමිකතා රැසක් ඇති අතර, ඉදිරියේදී ඒවා රට හමුවේ පැවසීමට සූදානම් බවත් හෙතෙම පැවසීය.

මෙට්රෝහෝම්ස් නිවාස සංකීර්ණය සඳහා රජය රුපියල් මිලියන 7000ක් ආයෝජනය කර ඇති අතර, නිවාස 626කින් එය සමන්විත වේ. කඩකාමර 114ක් මෙහි ඉදිකර තිබේ.

මෙම අවස්ථාවට ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං, අමාත්‍ය රවී කරුණානායක , මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.