පිස්තෝල එරාජ් : අවුරුදු 5කට හිරේ !

පිස්තෝල එරාජ් : අවුරුදු 5කට හිරේ !

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට සාපරාධී බලහත්කාරය කිරීමේ චෝදනා යටතේ විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින එහි 1 වැනි සැකකරු වන ප්‍රේමසිරි පරණමාන්න හා පස්වැනි සැකකරු වූ හමිබන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර යන අයට වසර පහක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හම්බන්තොට මහාධිකරණය නියම කළේය.

එම නඩුවේ දෙවැනි, තෙවැනි හා සිවුවැනි විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණි. සැකකරුවන්ට චෝදනා 29ක් යටතේ නඩු පවරා තිබුණි.

බරපතල වැඩ සහිත සිර දඬුවමට එරෙහිව එක් එක් චෝදනා වෙනුවෙන් සමස්ථයක් ලෙස එක් අයෙකුට රුපියල් 130000 බැගින් දෙදෙනාටම රුපියල් 260000ක දඬයක් නියම කළ අතර එය නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඬුවමක් නියම කළේය.

එසේම අගතියට පත් පාර්ශ්වයන්ට වන්දි ලෙස චූදිතයන් දෙදෙනාට රැපියල් 650000 බැගින් රුපියල් ලක්ෂ 13ක දඬයක්ද නියම කළේය.

එම මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක්ද නියම කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න