ශ්‍රිලනිප - පොහොට්ටු සාකච්ඡාවේ : සිරිසේනට දෙන තැන ගැන ප්‍රශ්නයක් !

ශ්‍රිලනිප - පොහොට්ටු සාකච්ඡාවේ : සිරිසේනට දෙන තැන ගැන ප්‍රශ්නයක් !

ශ්‍රිලනිප සහ පොහොට්ටු පක්ෂය අතර සාකච්ඡා ජනාධිපති සිරිසේනට යෝජිත සන්ධානයේ දෙන තැන සම්බන්ධ ප්‍රශ්නයක් හේතුවෙන් අර්බුදයට පත්ව ඇති නමුත් ඉදිරියේ දී තීන්දුවක් ගැනීමට හැකිවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදුජන එක්සත් පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපති ධුර අපේක්‍ෂකයා ලෙස නම් කරන පුද්ගලයා පිළිබඳ වූ තීරණයද ඉතා තීරණාත්මක කරුණක් බවට පත්ව තිබේ.

මෙහිදී දෙපාර්ශ්වයට එක්වීමට නම් වත්මන් ජනාධිපති සිරිසේනට ජනාධිපති අපේක්‍ෂකත්වය හෝ අගමැති අපේක්‍ෂකත්වය ලබාදීමට පොදුජන එක්සත් පෙරමුණේ නියෝජිතයෝ කැමැත්තක් පළ කර නොමැති බවද වාර්තා වේ.

එසේම ව්‍යවස්ථාව සංශෝධනයකට ලක්කර උප ජනාධිපති ධුරයක් හඳුන්වා දීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියේජිතයන් යෝජනාවක් ගෙනැවිත් ඇති අතර, ඒ සඳහා පොදුජන එක්සත් පෙරමුණේ යෝජනාව වී ඇත්තේ උප ජනපති තනතුර වෙනුවට උප අගමැති තනතුරක් ස්ථාපිත කිරීමට සලකා බැලිය හැකි බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති අතර, මෙම කරුණ පිළිබඳ දීර්ඝව කරුණු සලකා බැලීමට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

මේ පිළිබඳව ජනාධිපති සිරිසේන සහ විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇති බවද දැනගන්නට තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න