ලබන වසර සඳහා නව බදු පැනවීම වෙනුවට, බදු පදනම (tax net) පුළුල් කිරීමට රජය අපේක්ෂා කරන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව, බදු නොගෙවන්නන් සොයා පියවර ගැනීමටත්, නව බදු ගෙවන්නන් බදු පද්ධතිය තුළට ඇතුළත් කර ගැනීමටත් ලබන වසරේදී රජය සිය උත්සාහයන් තීව්‍ර කරන බව ඔහු සඳහන් කළේය. මෙම වසර අවසානය වන විට ගෙවිය යුතු බදු මුදල රුපියල් බිලියන175ක් පමණ වනු ඇති අතර, එම මුදල අය කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) 2027 වසරේදී සියලු පියවර ගන්නා බව එම නිලධාරියා පැවසීය.
මේ අතර, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, බදු පැහැර හරින්නන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් සහ වත්කම් නිරීක්ෂණය කරනු ලබන බවයි. එමගින් ඔවුන්ට ගෙවීමට නියමිත බදු මුදල් ගෙවීම තහවුරු කර ගැනීමට අපේක්ෂා කෙරේ.
වර්තමානයේ බදු ගෙවන්නන් සංඛ්‍යාව (බදු පදනම) මිලියන 1.3ක් වන අතර, ලබන වසර අවසානය වන විට එම සංඛ්‍යාව මිලියන 1.5 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ඇය පැවසුවාය.
මෙම වසර සඳහා බදු වාර්තා (tax returns) ඉදිරිපත් කර නොමැති අයට, දෙසැම්බර් 2 වැනිදාට පෙර අදාළ බදු මුදල් ගෙවන්නේ නම්, ඒ සඳහා වන දඩ මුදල් ගෙවීමෙන් නිදහස් විය හැකි බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මූලාශ්‍රය: sundaytimes.lk
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
