Image

රුපියල් බිලියන 190ක් විදෙස් ගත කළ සිද්ධිය: බැංකු නිලධාරීන් දෙදෙනෙකු රිමාන්ඩ්!

රුපියල් බිලියන 190ක් විදෙස් ගත කළ සිද්ධිය: බැංකු නිලධාරීන් දෙදෙනෙකු රිමාන්ඩ්!

මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් නීති විරෝධී අයුරින් රුපියල් බිලියන 190ක මුදලක් විදේශ රටවලට යැවූ බව කියන සිද්ධියට අදාළව මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බැංකු නිලධාරීන් දෙදෙනකු ලබන 9 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඔ ප්‍රධාන  මහේස්ත්‍රාත්  අධිකරණය අද (07) නියෝග කළේය.

සිද්ධියට අදාලව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ NDB බැංකුවට සහ තවත්  රක්ෂණ සමාගමකට අනුබද්ධව සේවයේ නියුතු කුෂාන් පුෂ්පකුමාර දේවදාස සහ DFCC බැංකුවේ සේවයේ නියුතු රගුනාදන් ප්‍රදීපන් යන අය වේ.

මීට අමතරව, ජිෆ්රි මොහොමඩ් ඇතුළු සැකකරුවන් දෙදෙනකු මෙම සිද්ධියට අදාළව ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

තවද, මෙම සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් බවට මීට පෙර ද බැංකු හතරක ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න