Image

අධික වර්ෂාවෙන් නුවරඑළියේ එළවළු හිඟයක්: මිල තවත් ඉහළට!

අධික වර්ෂාවෙන් නුවරඑළියේ එළවළු හිඟයක්: මිල තවත් ඉහළට!

අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් වගාවන් විනාශ වී යාම නිසා නුවර එළිය ප්‍රදේශයේ දැඩි එළවළු හිඟයක් ඇති වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශයේ වෙළඳපොළවල් තුළ එළවළු මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇත.

ඊයේ නුවර එළිය ආර්ථික මධ්‍යස්ථානය නිකුත් කළ මිල ලැයිස්තුවට අනුව, ගෝවා කිලෝග්‍රෑමයක් රු. 520ක්, කැරට් රු. 500ක්, ලීක්ස් රු. 250ක්, බීට් රූට් රු. 450ක් සහ සලාද කොළ රු. 1,000ක් ලෙස මිල සටහන් වී තිබුණි. තවද, බ්‍රොකොලි කිලෝග්‍රෑමයක් රු. 3,500ක්, පාස්ලි රු. 900ක්, අමු මිරිස් රු. 600ක්, රාබු රු. 150ක් සහ අර්තාපල් කිලෝග්‍රෑමයක් රු. 250ත් 300ත් අතර මිලකට අලෙවි විය.

එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව ප්‍රදේශයේ ගොවීන් පවසන අතර, නත්තල් සහ අලුත් අවුරුදු සමයන්හිදී මිල ගණන් තවදුරටත් ඉහළ යාම අනිවාර්ය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

මූලාශ්‍රය - sundaytimes.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න