ඩල්ජිත් එජාපය බය කරයි !

ඩල්ජිත් එජාපය බය කරයි !

එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය ලැබුණත් නොලැබුණත් අනිවාර්යයෙන්ම අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මාතලේ නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ පවසයි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙවර තැබූ පියවර නම් ආපසු නොගන්නා බවත් ඔහු පවසයි.

තවදුරටත් පරාජය වෙමින් දේශපාලන කරන්නට නොහැකි බව පැවසූ නගරාධිපතිවරයා ඊට වඩා දේශපාලනයෙන් සමුගෙන ගෙදර යාම සුදුසු බවත් අවධාරණය කළේය.

ඔහු මේ බව සදහන් කර සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ අදවන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කෙරෙහි බියෙන් සිටින බවත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කවරාකාරයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් ජයග්‍රහණය කරන බවත්ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න