Language Switcher

V2025

ඇමති සිරිපාලගේ PRO වෙතින් තර්ජනයට ලක්වූ මාධ්‍යවේදීන් දෙදෙනාගේ ආරක්ෂාව අවධානමේ

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ මහජන සම්බන්ධීකාරක අජිත් හික්කඩු ලියනගේ නැමැත්තාගේ තර්ජනයට ලක්ව ඇති බදුල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදීන් දෙදෙනාගේ ආරක්ෂාව සම්බන්ධව අවධානමක් ඇති බව වාර්තා වෙයි.

කපිල චන්දන කුරුප්පුආරච්චි සහ ජයලත් දිසානායක මෙසේ තර්ජනයට ලක්ව සිටින මාධ්‍යවේදීන් දෙදෙනා වන අතර ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව පියවර ගන්නා ලෙස කැෆේ සංවිධානයද පොලිස්පතිවරයා සහ ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම මාධ්‍යවේදීන් දෙදෙනා වෙත අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ මහජන සම්බන්ධීකාරක අජිත් හික්කඩු ලියනගේ විසින් තර්ජනය කර ඇත්තේ පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවති ජනහමුවක දෙරණ සහ සිරස යන නාලිකා වෙනුවෙන් මාධ්‍ය ආවරණය ලබාදීමට ගිය අවස්ථාවේය.

ඒ බදුල්ල දමිල බාලිකා විදුහලේ විදුහල්පතිනිය දන ගැස්සවීමේ සිදුවීම සම්බන්ධව ඒකපාර්ශවීය වාර්තාකරණයක් සිදුකළ බවට චෝදනා කරමින්ය.

උඹලත් එපා උඹලගේ මාධ්‍යත් එපා

badulla policeමෙම තර්ජනය කිරීම සම්බන්ධව ඔවුන් බදුල්ල පොලිසියේ ( CIB 3 / 319/285) පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර ‘‘මහ ඇමති චාමර සම්පත් අපහසුතාවට පත් වුණේ උඹලා නිසයි. දණ ගැස්සු විදුහල්පතිනියගේ පස්සෙන් ගිහින් උඹලා වොයිස් කට් ගත්තා. උඹලත් එපා. උඹලාගේ මාධ්‍යයත් අපිට එපා. අපි අපේ රැස්වීම් වාර්තා කර ගන්නම්. උඹලාගේ ගෙවල් වලට ගැහුවොත් මම වගකියන්නේ නෑ‘‘ යැයි අජිත් ලියනගේ විසින් තමන්ට තර්ජය කළ බව එහි සඳහන්ව ඇත.

දැරිය පාසලට දාන්න නිකුත් කළ ලියුමත් අජිත්ගේ

කැෆේ සංවිධානය සඳහන් කරන ආකාරයට මෙම මහජන සම්බන්ධීකරණ නිලධාරියා පොල් අජිත් යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන අතර විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධියට සම්බන්ධ දැරිය පාසලට ඇතුලත් කිරීම සදහා දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට නීති විරෝධී ලිපියක් යොමු කළ පුද්ගලයාද වෙයි.

20180128 160146

20180128 160121කැෆේ සංවිධානය පිළිබඳ නිවේදනයක්ද නිකුත් කර ඇති අතර එහි මෙසේද සඳහන්ව ඇත.

නීති විරෝධී වැඩක් - ඒත් නිදහසේ

මේ පාසල් සදහා සිසුන් ඇතුලත් කිරීම පිළිබද කිසිදු පුද්ගලයෙකුට විදුහල්පතිවරුන්ට බලපෑම් කළ නොහැකි අතර ඒ සදහා වන ඉල්ලීම් සිදු කළ යුත්තේ ‘කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ‘ වෙත ය. ප්‍ර‍ශ්නගත සිදුවීම සිදුවන විටත් බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හෝ ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත මෙම දැරිය පාසලට අතුලත් කර ගැනීම සදහා වන ඉල්ලීමක් ලැබී නොතිබුණි. පාසලට සිසුන් ඇතුලත් කිරීමේ සියලු ක්‍ර‍මවේදයන් උල්ලංඝනය කරමින් මෙම ලිපිය ලබාදීමත්, දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය එම ලිපිය බාර ගැනීම ප්‍ර‍තිකේෂ්ප කොට එය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ලබා දෙන ලෙස දැන්වීමත් සමග මෙම සිදුවීම් ජාලය ආරම්භ විය.

මහ ඇමතිවරයා විසින් දණ ගස්වනු ලැබූ විදුහල්පතිනිය මහ ඇමති නිල නිවසට ගොස් ඇත්තේ ද මෙම ලිපියේ අනු අත්සන් යොදා ඇති මහ ඇමති පුද්ගලික ලේකම් විසින් පළාත් අධ්‍යාපන ලේකම්වරිය වෙත දුරකතනයෙන් සිදු කළ දැනුම්දීමක් අනුවය.

විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිදුවීම වාර්තා කළ මාධ්‍යවේදීන් ට රජයේ අමාත්‍යවරුන්ගෙන් එල්ල වන බලපෑම් හා තර්ජනය කිරීම් කැෆේ සංවිධානය දැඩිව හෙළා දකී.

මීට පෙර ඩිලානුත් ගහලා

මෙය පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින්, මර්ධනය කරමින් ගෙන ගිය වැඩ පිළිවෙල නැවත සිහිගන්වන තත්වයක් බවත් සියළු මාධ්‍ය සංවිධාන මේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බවත් කැෆේ සංවිධානය අවධාරණය කරයි. මෙයට පෙර අවස්ථාවක දී ද, හාලිඇල මාධ්‍යවේදී චන්දන ලියනාරච්චි මහතා අමාත්‍ය ඩිලාන් පෙරේරා ගේ පහරදීමකට ලක්වූ බවද කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.