බලය බෙදීමේ එජාප ප්‍රතිපත්තියේ වෙනසක් නෑ : අගමැති යාපනයේදී පොරොන්දු වෙයි !

බලය බෙදීමේ එජාප ප්‍රතිපත්තියේ වෙනසක් නෑ : අගමැති යාපනයේදී පොරොන්දු වෙයි !

ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් යෝජනා කර ඇති බලය බෙදා ගැනීම හා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම යන සංකල්පයන් සඳහා එක්සත් ජාතික පක්ෂය හැමවිටම කැපවී ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඊයේ (15) යාපනය ගුරුනගර් ධීවර වරායේ සංවර්ධන කටයුතු කිහිපයකට මුල්ගල තැබීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයෙක් ගුරුනගර් ප්‍රදේශයට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර මුල්ගල තැබීමෙන් අනතුරුව පැවති උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසුවේ රටේ බහුතර හෝ වේවා, සුළුතර හෝ වේවා ඕනෑම ජනවර්ගයකට අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව ජීවත්වීමේ අවකාශය උදාකරලීම තමාගේත්, තම පක්ෂයේත් අභිප්‍රාය බවය.

එසේම දෙමළ ජනතාවට සිය එදිනෙදා කටයුතු පිළිබඳව ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය හිමිවිය යුතු බව තමන් ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා බවද වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වර්තමානයේ රට තුල පැසොවමින් පවතින සමහර ප්‍රශ්න වලට තිරසර දේශපාලන විසඳුම් ලබාදිය යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා ඒ විසදුම් ලබාගැනීම සඳහා බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය. බහුතර බලය ලබාගැනීමට ශක්තියක් වන ලෙස වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්. එම්. සුමන්තිරන්, ශ්‍රී සරවණභවන්, හිටපු උතුරු පළාත් සභා සභාපති සී.වී. කේ. සිව ඥානම්, යාපනය නගරාධිපති ආනෝල්ඩ්, යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෙඣීවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී.සිව ඥාණසෝති, ප්‍රාදේශීය දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න