2020ට පාසල් - පිරිවෙන් සිසුන්ට : නොමිලේ පෙළපොත් බෙදීම ඇරඹේ !

2020ට පාසල් - පිරිවෙන් සිසුන්ට : නොමිලේ පෙළපොත් බෙදීම ඇරඹේ !

රජයේ සියලු පාසල් සිසු දරුවන්ට හා පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූණ් වහන්සේ හට 2020 වර්ෂය සඳහා නොමිලේ ලබාදෙන පෙළපොත් බෙදා හැරීම අද (16) පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ කළේය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 10.30 ට හෝමාගම පිටිපන පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී පෙළ පොත් බෙදාහැරීමේ නිල උත්සවය පැවැත්විණ.

2019 වසරේ අවසන් වාරයේ පාසල් නිවාඩුවට පෙර සමස්ත පාසල් දරුවන්ට 2020 වසර සඳහා පෙළ පොත් ලබාදීම හා ගුරුවරුන්ට ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලබාදිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

නොමිලේ පෙළපොත් ලබාදීම සඳහා පමණක් රජය මෙවර රුපියල් මිලියන 4,165ක් වැය කරන අතර , පොත් වර්ග 448 කින් පිටපත් මිලියන 43 ක් සිසුන් අතට පත්කිරීමට නියමිතයි.

මෙහිදී පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූණ්වහන්සේ සඳහා 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා පොත් වර්ග 54ක් පිරිනැමෙන අතර , 1 සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ගේ පෙළපොත් සහ 12 ශ්‍රේණියේ සාමාන්‍ය ඉංග්‍රීසි පෙළ පොත ද මේ පොත් වර්ග 448 අතරට අයත් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න