දින 52 කුමන්ත්‍රණ ආණ්ඩු : අර්තාපල් මෙට්‍රික් ටොන් 890 ක් වල දාලා !

දින 52 කුමන්ත්‍රණ ආණ්ඩු : අර්තාපල් මෙට්‍රික් ටොන් 890 ක් වල දාලා !

ඉකුත් වසරේ ඔක්තෝ­බර් 26 දා පත් කරනු ලැබූ මහින්ද රාජපක්ෂගේ ව්‍යවස්ථා විරෝධි දින 52 ආණ්ඩුව සම­යේදී උඩ­රට ගොවී­න්ගෙන් මිල­යට ගත් රු. 8,30,00,000කට අධික වටි­නා­ක­ම­කින් යුතු අර්තා­පල් මෙට්‍රික් ටොන් 890ක් පාරි­භෝ­ගි­ක­යන් අතට පත් නොකොට වළ දැමීම සම්බ­න්ධ­යෙන් විධි­මත් පරී­ක්ෂ­ණ­යක් සිදු කරන බව ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ සහ පොදු සැප­යුම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පව­සයි.

අදාල අර්තාපල් තොගය ශ්‍රී ලංකා පාරි­භෝ­ගික සමු­ප­කාර සමි­තිය මඟින් ගොවී­න්ගෙන් මිල දී ගෙන ඇති අතර, ඒවා නිසි පරිදි ගබඩා නොකි­රීම, විධි­මත් ලෙස පාරි­භෝ­ගි­ක­යන් වෙත යැවී­මට අවශ්‍ය කට­යුතු නොයෙ­දීම ඇතුළු හේතු නිසා කල් ඉකුත්ව නරක් වී ඇති අතර, පසුව ඒවා වළ දැමී­මට කට­යුතු කර ඇති බවද අමා­ත්‍ය­ව­රයා කියා සිටී.

දින 52 ආණ්ඩුව එකල උඩ­රට ගොවීන්ගේ අර්තා­පල් නිෂ්පා­දන අති­රි­ක්ත­යක් පව­තින බව පවසා වෙළෙඳ සහ වාණිජ කට­යුතු අමා­ත්‍යාං­ශයේ මුදල් රු. මිලි­යන 188ක් වැය කොට අර්තා­පල් අල මෙට්‍රික් ටොන් 2000ක් පමණ මිල දී ගෙන ඇති අතර, ඒ සඳහා වැය කොට ඇති සම්පූර්ණ මුදල රු. කෝටි 20 ඉක්ම­වයි.

එලෙස මිල­යට ගත් අල තොග වෙනු­වෙන් ගොවීන් වෙත තමත් රු. කෝටි 7කට ආසන්න හිඟ මුද­ලක් ගෙවී­මට ඇති අතර, මේ කට­යුතු හේතු­වෙන් ශ්‍රී ලංකා පාරි­භෝ­ගික සමු­ප­කාර සම්මේ­ල­න­ය­ටද රු. කෝටි 10කට වඩා අලා­භ­යක් විඳි­න්නට සිදුව ඇති බවද වාර්තා වේ. මෙලෙස රජයේ මුදල් අති­වි­ශාල ප්‍රමා­ණ­යක් වැය කොට මිල දී ගෙන, දේශීය වෙළෙ­ඳ­පොළේ ඉහළ පාරි­භෝ­ගික ඉල්ලු­මක් ඇති දේශීය අර්තා­පල් ටොන් 890ක් මේ අයු­රින් ඉවත හෙළීම මහත් අප­රා­ධ­යක් බවද අමා­ත්‍ය­ව­රයා පෙන්වා දුන්නේය. ජීවන විය­දම් පිළි­බඳ කමි­ටු­වට මේ අර්බු­දය පිළි­බඳ වාර්තා­වක් ඉදි­රි­පත් කර ඇති බවද, ඉදි­රි­යේදී මේ සම්බ­න්ධ­යෙන් අදාළ නීති පිය­වර ගැනී­මට කට­යුතු කරන බවද අමා­ත්‍ය­ව­රයා තව­දු­ර­ටත් සඳ­හන් කළේය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න