මුදල් අමාත්‍යංශය විසින් සැප්තැම්බර් මස 07 සිට10 දක්වා යාපනයේ මුට්ට්‍රවෙලි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති 'එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා 'ප්‍රදර්ශනයට එරෙහිව අධිකරණය හරහා වාරණ නියෝගයක් ලබාගැනීමට ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති සැලසිනේ' රූපවාහිනී ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
සැලසිනේ රූපවාහිනී ආයතනය මෙසේ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට යන්නේ, යාපනය ප්‍රදර්ශනයේ ඉඳිකිරීම් කොන්ත්‍රාත්තුව තමන් වෙත ලබානොදීමට එරෙහිව වන අතර සැලසිනේ රූපවාහිනී ආයතනය මේවනවිට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගේ විෂය පථය යටතේ ගැසට් කර ඇති ආයතනයකි.
අධිකරණ ක්‍රියාදාමයට සමාන්තරව එම ආයතනය විසින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වියදම් කරමින් මුදල් අමාත්‍යංශයට හා මුදල් අමාත්‍යවරයාට එරෙහිව අවලාද මෙහෙයුමක් ද ආරම්භකර ඇති බව අනාවරණය කරගෙන ඇත.
සැලසිනේ ආයතනයේ සභාපති ප්‍රභාත් සි පෙරේරා, ක්‍රියාකාරී අධ්‍යක්ෂ ඩෙන්වර් පෙරේරා සහ සාමාන්‍යාධිකාරි මංජුල හේරත් යන තිදෙනා මෙම මඩ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉලක්ක කර ගනිමින් එම අවලාද මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙස සභාපතිවරයා ආයතනයේ සේවකයින් කිහිප දෙනෙකුටම නියෝගකර ඇති බවත් මුදල් අමාත්‍යංශය විසින් සොයාගෙන ඇති බවත් එහි ආරංචිමාර්ග පවසයි.
එසේම සැලසිනේ ආයතනයේ සභාපතිවරයා ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනයේ තනතුරක් දරන අතර ආරක්ෂක අමාත්‍යංශයේ ද තනතුරක් දරන බවත් වාර්තා වෙයි.
ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් 'theleader.lk' වෙබ් අඩවිය මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කළ විමසීමක දී කියා ඇත්තේ, සැලසිනේ ආයතනය නියමිත ඉඳිකිරීම් කටයුතු සඳහා කිසිඳු ආකාරයකින් සුදුසු නොවන බව අමාත්‍යංශ ටෙන්ඩර් කමිටුවේ ඒකමතික තීරණය වූ බවයි.
එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
මෙම ප්‍රදර්ශනයට අදාල සුවිසල් කූඩාරම් වේදිකාව, විදුලි ආලෝක ජනන පද්ධතිය කුලී පදනම මත සැපයීමට අදාල දැන්වීම් පුවත්පත්වල පල කර තිබුණේ පසුගිය පසුගිය ජූලි මාසයේදීය. ටෙන්ඩරයට අදාළව සැලසිනේ ආයතනය මේ සඳහා මිල ගණන් ඉතිරිපත් කර තිබුණේ තවත් ලංසුකරුවන් සමග තරඟකාරීවය.
සැලසිනේ ආයතනය මෙම ටෙන්ඩරය සඳහා රුපියල් 71,143,000 ක අවම ලංසුවක් ඉදිරිපත් කර තිබුණ. එහෙත් එම ආයතනයට මේ සඳහා පළපුරුද්දක් හෝ හැකියාවක් පෙන්වා නොතිබූ බැවින් දෙවන අවම ලංසුව ඉදිරිපත් කළ සහ ඉඳිකිරීම් සම්බන්ධයෙන් දීර්ග කාලින පළපුරුද්දක් ඇති M/S Sri Mahal Pvt Ltd ආයතනය සමඟ සාකච්ඡා කොට ඇතිකරගත් එකඟතාව මත රුපියල් 71,132,000 ක මුදලකට එම ටෙන්ඩරය ලබාදීමට අමාත්‍යාංශ ටෙන්ඩර් මණ්ඩල නිලධාරීන් තීරණය කර තිබිණි. එසේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මොනරාගල හා අනුරාධපුර ප්‍රදර්ශනයන් හි ඉඳිකිරීම් කටයුතු සිදුකලේ ද මෙම ආයතනයයි.
ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ පළපුරුද්ද හා හැකියාව සම්බන්ධයෙන් සොයා බැලු තාක්ෂණික ඇගයීම් කමිටුවට සැලසිනේ ආයතනයට ඒ සම්බන්ධයෙන් අංශු මාත්‍රයක හෝ දැනුමක් අවබෝධය හෝ පහසුකම් මෙන්ම බඩු බාහිරාදිය නොමැතිබව පැහැදිලිව අනාවරණය වී තිබේ
සැලසිනේ ආයතනය අදාල ටෙන්ඩරය ලබාගැනීමෙන් පසු එය අඩු මුදලකට තමන්ගේ හිතවතකුට උප කොන්ත්‍රාත්තුවක් ලෙස ලබාදී කිසියම් මුදලක් අතයට උපයා ගැනීමට උත්සහ දරා ඇති අතර අමාත්‍යංශ නිලධාරීන් කළ විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ එම උප කොන්ත්‍රාත්කරුට ද ඒ සඳහා සුදුසුකම් නොමැති බවයි. එම උප කොන්ත්‍රාත්කරු ද ටෙන්ඩරය ලැබුනහොත් එය ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු අතරේ බෙදාදීමට සැලසුම්කර තිබී ඇත.
සැලසිනේ නිත්‍යානුකුලභාවය !
දසක කිහිපයක් තිස්සේ රජයේ ප්‍රචාරක ආයතනයක් ලෙස හැඳින්වෙන සැලසිනේ ආයතනය රජයේ නිල ආයතනයක් ලෙස ස්ථාපිත වූ සමාගමක් නොවේ. මංගල සමරවීර මෙවර යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය ඇමති ලෙස කටයුතු කළ කෙටි කාලය තුලදී මෙම ආයතනය රජයේ නිල ආයතනයක් ලෙස ස්ථාපිත කරලීම සඳහා අදාල මුලික කටයුතු සිදුකර තිබිණ.
කෙසේවුවද මේවනවිට සැලසිනේ ආයතනය යොදාගෙන ඇත්තේ මුදල් අමාත්‍යංශයට හා මුදල් අමාත්‍යවරයාට මඩ ගැසීම සඳහාය. එම මඩ මෙහෙයුම මෙහෙයවන සභාපති හා ක්‍රියාකාරී අධ්‍යක්ෂ දෙදෙනා මිට මාස කිහිපයකට පෙර පත්කරනු ලැබුවේ රුවන් විජේවර්ධන අමාත්‍යවරයාය.
එසේම, එම මඩ මෙහෙයුම ක්‍රියාත්මක කරන සාමාන්‍යාධිකාරි මංජුල හේරත්, මංගල සමරවීර ජනමාධ්‍ය ඇමතිවරයාව සිටිය දී නෙරපා හරිනු ලැබූවකු වන අතර පසුගිය ඔක්තෝම්බර් කුමන්ත්‍රණය අවස්ථාවේදී රාජපක්ෂවරුන් විසින් ඔහුව යලි එම තනතුරට පත්කරනු ලැබිය.
යුද්ධයෙන් පීඩා වින්ද උතුරුකරයට අලුත් හෙටක් !
සැලසිනේ ආයතනයේ ජාවාරම්කරුවන් මෙසේ මඩ මෙහෙයුම් ක්‍රියාත්මක කල ද පසුගිය දා අනුරාධපුරයේ පැවති එන්ටර්ප්‍රයිස් ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට ජනමාධ්‍ය ඇමති රුවන් විජේවර්ධන ගෙන් හා එම අමාත්‍යංශයේ නිලධාරීන් ගෙන් විශාල සහයක් ලැබී තිබිණ. මෙවර යාපනයේ පැවැත්වෙන ප්‍රදර්ශනය ද දැනටමත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ දායකත්වය හිමිව තිබේ.
මෙවර පැවැත්වෙන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ තුන්වැනි අදියරයි. මේ තුන්වැනි අදියර පවත්වන්නේ, යාපනයේ. දිගුකාලයක් යුද්ධයෙන් පීඩා වින්ද උතුරුකරයට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා එන්නේ අලුත් බලාපොරොත්තු පුරවාගෙන තිස් අවුරුදු යුද්ධයේ අවි ගැටුම් අවසන් වුනාට මිනිස්සුන්ගේ සිහිනවලට පණ දෙන විධිමත් වැඩසටහනක් නිර්මාණය වුනේ නැහැ. එවකට පාලකයන්ට ඒකට උවමනාවක් තිබ්බෙත් නැහැ. එයාලට ඕන වුණේ උතුරේ යුද ජයග්‍රහණය දකුණේ විකුණගෙන කන්න විතරයි.
ඒ වෙනුවට, උතුරේ ජනතාවගේ සිහින සැබෑ කරන්න මහපොළොවට එන්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සූදානම්. දශක ගණනක් ලේ හැලිච්ච භූමියක ව්‍යවසායකත්වයේ අලුත් මල්පැල සිටුවන්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සූදානම්.
ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුලෙන් උතුරේ කාන්තාවන් මුදාගත්තා වගේම, ඔවුන්ට කිසිම අසාධාරණයක් නොවන, ආණ්ඩුවෙන් පොළී ගෙවන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුළින් ඔවුන් නගා සිටුවන්න සියලු කටයුතු සූදානම්.
එක මොහොතකටවත් නතර නොකර, අඛණ්ඩව දියත් කළ සංවර්ධන වැඩ පිළිවෙලට සමාන්තරව, ඉන්දියාව සමග සෘජු ගමන් අරඹන පලාලි ගුවන් තොටුපොල ඉදිකිරීම ඇතුළු දැවැන්ත සංවර්ධන සංග්‍රාමයට සමාන්තරව, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සැප්තැම්බර් 07, 08, 09 සහ 10 යන දිනවල යාපනයේ මුට්ට්‍රවෙලි පිටියේ දී පවත්වන්නට සියලු කටයුතු සූදානම්

