දීග යන්න හිටපු මනාලිය : පොහොට්ටු පාර්ශවය පැහැරගෙන ගිහින් දූෂණය කළා - දයාසිරි

දීග යන්න හිටපු මනාලිය : පොහොට්ටු පාර්ශවය පැහැරගෙන ගිහින් දූෂණය කළා - දයාසිරි

ශ‍්‍රී ලංකා නිදහස් පෙරමුණ පොදුජන පෙරමුණ සමගින් දීග යන්න ඔන්න මෙන්න තිබියදී මනාලියව පැහැරගෙන ගොස් දුෂණය කර ඇති බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර චෝදනා කරයි.

එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා මන්ත‍්‍රීවරුන්ට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් විවේචනාත්මකව ඔහු මෙම අදහස් පල කලේ ජනහමුවක් අමතමිනි.

අද වන විට ශ‍්‍රීලනිපය දෙකට කැඩී ඇති බවත් එය එකතු කිරීමට අමාරු වුවත් ඒ සදහා උත්සාහ කරන බවද ඔහු පැවසීය.

දෙකට වෙන්වූ දේශපාලන පක්ෂයක් එක්කිරීම දුශ්කර බවත් එය අනුරගේ ජවිපෙ සහ විමල්ගේ ජනිපෙ එකට එක් කිරීම, පාඨලී සහ ගම්මන්පිල ගේ පක්ෂ එක් කිරීම තරම් දුශ්කර වුවත් තමන් ඇතුළු පිරිස උත්සාහ කළේ ඒ දුශ්කරතාව ජයගැනීමට බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡා කරන අතරේ මනාලිය පැහැරගෙන ගොස් දූෂණය කිරීමට සමාන දෙයක් සිදුවූ බවත් ඔහු පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න