කැළණිය දායක සභාවෙන් රනිල් සමුගනී : කැළණියත් අභයාරාමයක් වෙයි !

කැළණිය දායක සභාවෙන් රනිල් සමුගනී : කැළණියත් අභයාරාමයක් වෙයි !

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට ඊයේ ( 01 ) දායක සභාවේ බහුතර අනුමැතිය හිමිවූ බවට මාධ්‍ය වාර්තා පළ විය.

ඒ ඊයේ (01) පස්වරුවේ, කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දායක සභාව රැස්වීමෙන් අනතුරුව බව දැක්වෙයි.

මෙම ප්‍රවෘත්තිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දැන ගැනීමට ලැබී ඇත්තේ ඔහු තම පවුලේ ඥාතියකුගේ විවාහ උත්සවයකට සහභාගී වී සිටින අතරතුරය.

මේ පිළිබඳව අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි කැලණිය රජමහා විහාර දායක සභාවේ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමට තමන් ක්‍රියාකරන බවයි.

එසේ වුවද, කැලණිය රජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි සම්බන්ධයෙන් දායක සභාවේ සාමාජිකයන් විසින් එල්ල කර ඇති චෝදනා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට දායක සභාව විසින් කටයුතු කළ යුතු බව වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

කර්තෘ සටහන :

කැළණි පන්සල අභයාරාමයක් වේවා ! වේවා !! වේවා !!!

පසුගිය සමය පුරා කැළණි විහාරයේ මහනායක වූ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි කටයුතු කළේ රාජපක්ෂ කඳවුර සමඟය. නිතර සෙත් පැතුවේ ඔවුන්ටය. ඒ ක්‍රියා වැඩි වැඩියෙන් කළේ උන්වහන්සේට මූල්‍ය චෝදනා එල්ලවීම සමඟය.

ඒ අනුව සංඝරක්ඛිත හිමි තමන්ට ගැළපෙන නියම පාර්ශවය තෝරාගෙන ඇත. දැන් ඇත්තේ නාරාහේන්පිට අභයාරමය මෙන් කැළණි පන්සලත් රාජපක්ෂ කඳවුරේ දේශපාලන තිප්පොළක් බවට පත්කරලීමය.

එය කැළණි පන්සල් ඉතිහාසය අලුත් කරනු ඇත. මන්ද ඉස්සර කාටවත් නොපෙනෙන දේශපාලන ගේම් වැදුණු කැළණි පන්සලේ එළිපිට ගහන දේශපාලන ගේම් භික්ෂු භික්ෂුනී, උපාසක උපාසිකා සිව්වනක් පිරිසට අතට පයට ඇඟට පතට දැනෙන ලෙස සිදුවන නිසාය.

එවිට "උපන්දා සිට කරපු පව් නැත, වරක් වැන්දොත් කැළණියේ " කියමන රාජපක්ෂලා වෙනුවෙන් ඉතිහාසය විසින් වෙන්කළ වදනක් බවට පත්වනු ඇත. තීරණාත්මක කඩයිම් හමුවේ කවුරු කවුරුත් බොරු රෙදි ගලවා නිරුවත් වන මේ මොහොතට අප කොහොමත් කැමතිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න