Language Switcher

Ad

Ad 01

V2025

අගමැතිගේ කමිටුවේ වාර්තාව නැතිව පළාත් සභා බෑ : ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පත්කළ සීමා නිර්ණ සමාලෝචන කමිටු වාර්තාව නොමැතිව සීමා නිර්ණ කමිටුව විසින් භාරදී ඇති වාර්තාවේ සීමා නිර්ණ මායිම් ප්‍රකාශයට පත්කිරීමට ජනපති සිරිසේනට බලයක් නොමැති බැවින් පළාත් සභා ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති සිරිසේන වෙත දන්වා ඇත.

එසේම අර්ථ නිරූපන ආඥා පනතේ විධිවිධාන අනුව අදාළ සංශෝධනයට පෙර පැවැති නීතිය යටතේද පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනපති සිරිසේනට දන්වා තිබේ.

පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපති සිරිසේන කටයුතු කළ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කළේය.

එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒක මතික තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ඉහත කරුණු දන්වා තිබේ.

මේ සම්බන්ධව ජනාධිපති ලේකම් විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

ses