විශේෂ මහාධිකරණයට කැබිනට් අනුමැතිය!

විශේෂ මහාධිකරණයට කැබිනට් අනුමැතිය!

දූෂණ සහ වංචා පිළිබඳ නඩු විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඊයේ (30) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය මේ තීරණය ගෙන ඇත.

අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය විසින් මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

මේ අනුව එම විශේෂ මහාධිකරණය සඳහා විනිශ්චයකාරවරුන් පත්කිරීමේ බලය අගවිනිසුරුවරයාට හිමි වන බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පවසති.

දූෂණ සහ වංචා නඩු ප්‍රමාද වීම සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වූ අතර, ඒ සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයක් හෝ මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් සඳහන් කර තිබිණි.

ඒ අනුව අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

(resa)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න