ක්‍රිකට් ආයතනයේ ලොක්කෝ : කෝප් කමිටුව මඟහැර පැනලා !

ක්‍රිකට් ආයතනයේ ලොක්කෝ : කෝප් කමිටුව මඟහැර පැනලා !

කෝප් කමිටුවේ විමර්ශන සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා තිබූ අතර ඒ සඳහා අනිවාර්යයෙන් කැඳව තිබූ ක්‍රිකට් සභාපති ඇතුලු නිළධාරින් කිහිප දෙනෙකු ඊයේ (03) දින කෝප් කමිටුවට නොපැමිණ එය මගහැර ඇති බව වාර්තා වෙයි.

මේ අතර 2016 වසරේදී ක්‍රිකට් ආයතනය කැඳවා Cricket Aid ආයතනය පිළිබඳව ලබා දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබීම සම්බන්ධයෙන් ඊයේ දින ප්‍රශ්න කළ අතර 2016 වසරේදී කෝප් කමිටුව නිදේශ කර තිබී ඇත්තේ Cricket Aid ආයතනයේ සාමාජිකයන්ගේ සාමාජිකත්වය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සමාජිකයෙකු වනතුරු පමණක් බවට සීමා කරන ලෙසත් එය විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් කරන ලෙසත්ය.

කෙසේ නමුත් සැප්තැම්බර් 03 වනදා වනතුරු එම නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබීම හේතුවෙන් විගණකාධිපතිවරයා මාස දෙකක් තුළ විගණන වාර්තාවක් ඉදිරිපත් කරන තෙක් Cricket Aid හි මෙහෙයුම් අත්හිටුවන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

ඊයේ දිනයේ කෝප් කමිටුව එහි සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න