එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කරන මෙන් ඉල්ලා සිටීම සඳහා රටපුරා සංවිධානය කිරීමට සැලසුම් කර තිබෙන රැස්වීම් මාලාවේ තුන්වැනි රැලිය කුරුණෑගල සත්‍යවාදී පිටියේ අද (05) සවස 2.00 සිට පැවැත්වෙන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසීය.
මෙවර රැලියේදී එක්සත් ජාතික පක්‍ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ විවේචනය වන කිසිදු ප‍්‍රකාශයක් සිදු නොකිරීමට තීරණය කර ඇති බවද හෙතෙම පැවසීය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ජනාධිපති අපේක්‍ෂකත්වය හිමිවන තෙක්ම මෙම රැලි දිවයින පුරා පවත්වන බවද අශෝක් අබේසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කුරුණෑගල ඉතිහාසයේ පැවැත්වූ දැවැන්තම ජනරැලිය බවට මෙම රැලිය පත්වනු ඇතැයිද ඔහු පවසා සිටියේය.
එසේම එක්සත් ජාතික පක්‍ෂයේ නියේජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, හරින් ප‍්‍රනාන්දු, සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, අශෝක් අබේසිංහ, නලීන් බංඩාර මෙම රැලියේදී ජනතාව ඇමතීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
