එජාපය සටන අරඹයි- ගමට තනි බලයක් ඉල්ලයි..!

එජාපය සටන අරඹයි- ගමට තනි බලයක් ඉල්ලයි..!

සංහිදියාව ගොඩනගා රට සංවර්ධන කළ හැක්කේ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (31) මන්නාරම පැවති එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ ප්‍රචාරක රැලිය අමතා අවධාරණය කළේය.

සියලූ ජාතින්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කර ගනිමින් එකට ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කර දීමට සිය පක්‍ෂයට හැකි වූ බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා එම අරමුණ තව තවත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියටද කැප වෙන බව සිහිපත් කළේය.

පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මන්නාරම පැවති මෙම රැලියට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් ප්‍රචාරක රැලි දෙකක් මඩකලපුව සහ පොතුවිල් යන ප්‍රදේශවලදී පැවැත්විණි.

මන්නාරම පැවති ප්‍රචාරක රැලිය අමතා තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

''2015 ජනවාරි මාසය වන විට මේ රටේ ජනතාව අතර අසමගිය ගොඩනගා සංහිදියාව නැති කොට තිබුණා. ඒ පාලනය වෙනස් කොට අපි සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලූ ජාතින් එකට එකතු කර ගෙන ඉදිරියට ගොස් යලි සංහිදියාව ගොඩනැගීමට හැකි වුණා.

සියලූ ජන කොටස්වලට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් අප ගොඩනගා තිබෙනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් අප කැප වී සිටිනවා. එකට ජීවත්විය හැකි සමාන අයිතිවාසිකම් තිබෙන සමාජයක් ඇති කළා. එය කිරීමට හැකිවුනේ එක්සත් ජාතික පක්‍ෂය සමඟ සියලූ ජාති ආගම් නියෝජනය කරන පක්‍ෂ නායකයෝ සිටි නිසයි.

2025 වන විට මේ ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කිරීම අප හැමෝගෙම අරමුණයි. මේ මැතිවරණයේදී ගමේ ආණ්ඩුව එක්සත් ජාතික පක්‍ෂයට ලබාදීම තුලින් ඒ ගමන තවත් වේගවත් කළ හැකියි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න