හැත්තෑ වෙනි නිදහස් දින ප්‍රධාන අමුත්තා දිවයිනට

හැත්තෑ වෙනි නිදහස් දින ප්‍රධාන අමුත්තා දිවයිනට

බ්‍රිතාන්‍ය රැජිනගේ බාල පුතණුවන් වන එඩ්වඩ් කුමරා සහ ඔහුගේ බිරිඳ වන සොපී රීස් ජෝන්ස් 'වෙසෙක්ස්' ආර්යාව ශ්‍රී ලංකාවට සැපත්ව සිටිති.

එඩ්වඩ් කුමරා සහ එම ආර්යාව ඔවුන්ගේ දින හයක සංචාරයේ දී ලබන පෙබරවාරි හතරවෙනිදා ගාලුමුවදොර පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් සමරු උළෙලේ දී බ්‍රිතාන්‍ය එලිසබත් රැජින නියෝජනය කරමින් ඊට සහභාගී වනු ඇත.

හත් දෙනකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය අමුත්තන් කටුනායක ගුවන් තොටුපොළේ දී පිළිගන්නා ලද්දේ විදේශ කටයුතු භාර නියෝජ්‍ය ඇමති වසන්ත සේනානායක විසිනි.

පෙබරවාරි මස පස් වෙනිදා වෙනතෙක් බ්‍රිතාන්‍ය දූත මණ්ඩලය ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මෙම සංචාරයේ දී රාජකීය යුවළ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට සහ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට ද යනු ඇත.

රත්මලාන අන්ධ විද්‍යාලයේ පැවැත්වෙන ආබාධිත ළමයින්ගේ ක්‍රියාකාරකම් ඇතුළත් ප්‍රදර්ශනයකට සහ සංස්කෘතික වැඩසටහනකට ද සහභාගී වීමත් ඔවුන්ගේ සංචාරයේ නිල න්‍යාය පත්‍රයට ඇතුළත් වෙයි.

1998 පැවැත්වුන ශ්‍රී ලංකාවේ හැට වෙනි නිදහස් සමරු උත්සවයට එලිසබත් රැජින නියෝජනය කරමින් සහභාගී වුණේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරාය.

2013 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වුන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණ සහභාගී වීමට නියමිතව සිටියත් සෞඛ්‍ය හේතූන් අනුව එය අවලංගු කරනු ලැබුණ අතර රැජින වෙනුවට චාර්ල්ස් කුමරු ඊට සහභාගී විය.

(බීබීසී සිංහල සේවය)

image 1e06d97fb3

image caed69390c

image cdef07de07

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න