පොහොට්ටුවේ වෙනසක් නෑ : ශ්‍රිලනිපය තඹයට වැටෙයි !

පොහොට්ටුවේ වෙනසක් නෑ : ශ්‍රිලනිපය තඹයට වැටෙයි !

කුමන හේතුවක් නිසා හෝ කුමන බලපෑමක් නිසා හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ වෙනස් නොකරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන  පවසයි.

අද (10දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“කුමන හේතුවක් නිසාවත් පොහොට්ටුවේ ලකුණ වෙනස් කරන්න අපි කැමැති වෙන්නේ නැහැ. පොහොට්ටුව කියලා කියන්නේ මේ රටේ ජනතාව ජයග‍්‍රහණය කරවන සලකුණක්. ඒ නිසා මොන විදිහේ බලපෑම් ආවත්  මොනවිදිහේ තත්ත්වයන් උදා වුණත් පොහොට්ටුව ලකුණ වෙනස් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.”

කෙසේ වුවත් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සදහා පොහොට්ටු - ශ්‍රිලනිප සන්ධානයක් බිහිවීමට නම් සහ ශ්‍රිලනිප සහය දෙන්න නම් පොහොට්ටු ලකුණ ඉවත්කර මැතිවරණය සදහා ඉදිරිපත් වීමට අවශ්‍ය බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න