රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවීම එජාපයට එක්වූ දා සිට තමාගේ එකම බලාපොරොත්තුව හා ප්‍රාර්ථනය වුවද, ''ප්‍රාර්ථනය එක දෙයක් තිත්ත ඇත්ත තවත් දෙයක්'' බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. ttvnews.lkවෙබ් අඩවිය සමග පැවති සාකච්ජාවක දී ඇමතිවරයා එබව සඳහන් කර ඇත.
''ඔබගේ ප්‍රාර්ථනය 2020 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩිකරවීම බව ඔබ මිට පෙර පවසා තිබුනා. ඇයි දැන් ඒ තීරණය වෙනස් වෙලා ද ?'' එම වෙබ් අඩවියේ කර්තෘ දිලිනි සමන්මලී කල විමසීමකදී ඇමතිවරයා මෙසේ කරුණු විග්‍රහ කර ඇත.
''එක්සත් ජාතික පක්ෂයත් සමග මගේ දේශපාලන ගමන ආරම්භ කරපු දිනයේ සිටම රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිවෙනවා දකින්නට මට විශාල ප්‍රාර්ථනාවක් තිබුනා ඒක ඇත්ත. ඒවගේම අදත් ඇත්ත වශයෙන්ම කියනවා නම් එතුමා මේ රටේ ජනාධිපතිවෙනවා නම් අන් සියල්ලට වඩා සතුටු වෙන්නේ මම.
මොකද රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ අද අපේ දේශපාලන පිටියේ සිටින බුද්ධිමත්ම දේශපාලඥයා හැටියට මම බය නැතුව කියනවා. ඒ විතරක් නෙවෙයි එතුමාට රට ගැන නියමාකාර දර්ශනයක් තියෙනවා. රට දියුණු කරන්නට විශාල උවමනාවක් තියෙනවා. ඒවගේම එතුමාගේ ආර්ථික දර්ශනය, එතුමාගේ විදේශ ප්‍රතිපත්තිය, එතුමාගේ සමාජ අගැයීම්. සෝෂල්ස් වැලියුස් පවා මමත් අගය කරන ඇගයීම් සහ දර්ශනයක් හැටියටයි මම දකින්නේ.
පසුගිය වසර 30 තුලදී දේශපාලනයේදී මම ඉගනගත්ත දෙයක් තමයි ප්‍රාර්ථනාව කියන්නේ එක දෙයක්, තිත්ත ඇත්ත කියන්නේ තව දෙයක්. විශේෂයෙන්ම මට වුණත් මේ රටේ ජනාධිපතිවෙන්නට ඕනතරම් සිහින තිබුණා. තියනවා. මම හිතනවා අන් සියල්ලට වඩා හොඳ ජනාධිපතිවරයෙක් මේ රටේ මට වෙන්න පුළුවන් කියලා. නමුත් මම කොයිතරම් හිතුවත් මගේ මිත්‍රයන් මා වෙනුවෙන් කොයිතරම් ජනාධිපති වෙයි කියලා ප්‍රාර්ථනා කරත් මේ රටේ ජනාධිපතිවරණයක් දිනන්න තරම් ඡන්ද මට ගන්නට බැහැ.
ඇත්තවශයෙන්ම තිත්ත ඇත්ත තමයි රනිල් වික්‍රමසිංහ මහතා ඉතාමත්ම විශිෂ්ඨ දේශපාලඥයෙක් වුණත්, 2020 මැතිවරණයේදී එතුමාට දිනන්නට බැහැ. මේක මම කියන්නේ නිකන් ආවට ගියාවට නෙවෙයි. විශේෂයෙන්ම පසුගිය කාලේ අපි දන්නවා හැම මැතිවරණයකදීම අපි සමීක්ෂණ කරනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාටම සමීක්ෂණ කරන ඒ සමාගම මේ වෙනකොටත් කරන ලද සමීක්ෂණ අනුව පැහැදිළිවම අපට පේනවා තියෙන තත්වය මොකක්ද කියලා.
ඇත්තවශයෙන්ම අගෝස්තු 07 වැනිදා කරන ලද සමීක්ෂණයෙන් පෙන්නනවා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග රනිල් වික්‍රමසිංහ මහතා තරඟ කරොත් එතුමාට ලැබෙන්නේ 17% ක ඡන්ද ප්‍රමාණයක් විතරයි කියලා. ඇත්තවශයෙන්ම ඒක විශාල පරතරයක්. ඡන්දයකදී සියයට පහක් දහයක් ඉස්සරහින් පස්සෙන් ඉන්නවා නම් හොඳ ඡන්ද ව්‍යාපාරයකින් ඒ ඡන්දය ජයග්‍රහණය කරන්න පුළුවන්. නමුත් මේ පරතරය වැඩියි.
අනික් පැත්තෙන් සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා වෙනවා නම් ජයග්‍රහණය අපේ අතේ. සජිත් ප්‍රේමදාස මහත්මයාට මේ සමීක්ෂණය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව 36% ක් ගන්න පුළුවන්.
සමීක්ෂණ වාර්තා අනුව සජිත් ඉදිරියෙන් :
මේ සමීක්ෂණය කරලා තියෙන්නෙත් ජූලි මාසේ 29 වැනිදා. ජූලි මාසයේ අන්තිම සතියේ. එතනදීත් ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ තරඟ කරනවා නම් ලැබෙන ප්‍රතිශතය ගැන ඇහුවම එහි ප්‍රතිඵලය තමයි රනිල් වික්‍රමසිංහ මහතාට 15.4% ක් ලැබෙන කොට ගෝඨාභය රාජපක්ෂට 52.9% ක් ලැබෙනවා. නමුත් අනිත් පැත්තට සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ 2020 අපේකෂකයා වෙනවා නම් ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ප්‍රමාණය 37.5% දක්වා අඩු වෙනකොට සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රමාණ 41% දක්වා වැඩි වෙනවා.
ජනවාර්ගික සංයුතිය අනුව :
ලංකාවේ සිටින විවිධ ජනවාර්ගික කොටස් ආගමික කොටස් අනුවත් ඡන්ද ලැබිම ගැන විග්‍රහ කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම දෙමළ, හින්දු ජනතාවගෙන් 12% ක්, ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙනකොට 37% ක් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දෙන්න සූදානම්. නමුත් සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා නම් ඒ ඡන්ද සංඛ්‍යාව 51% දක්වා වැඩි වෙනවා. ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද සංඛ්‍යාව 8% දක්වා අඩුවෙනවා.
ඒ වගේම ඉස්ලාම් මුස්ලිම් ජනතාවගේ ඡන්දවලින් 11% ක් ගෝඨාභය රාජපක්ෂට ලැබෙනකොට රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයා නම් ඔහුට 36% ක් ලැබෙනවා. නමුත් සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා නම් මුස්ලිම් ජනතාවගෙන් 56% ක් ලැබිලා. ගෝඨාභයගේ ඡන්ද සංඛ්‍යාව 5% දක්වාම අඩුවෙනවා.
ආගමික සංයුතිය අනුව :
ඒ වගේම රෝමානු කතෝලික ක්‍රිස්තියානු ජනතාවගේ ඡන්ද දිහා බැලුවොත්, ගෝඨාභය රාජපක්ෂට 27% ක් ලැබෙනකොට රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන්නේ 21% යි. නමුත් සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා නම් කතෝලික ඡන්දවලින් 57% ක්ම එතුමාට ලැබෙනකොට ගෝඨාභය රාජපක්ෂට ලැබෙන්නේ 11%යි.
ඇත්තවශයෙන්ම මේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඡන්දයට ඉදිරිපත් වෙන්නටත් ඉස්සෙල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා පෙන්වීම තුළින් මේ වතාවේ එක්සත් ජාතික පක්ෂය ජයගන්නට නම් සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා විය යුතුමයි කියන දේ තමයි මෙයින් පෙනී යන්නෙ.

එනිසා මේක මම කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක කිසිම තරහක් හෝ විරෝධතාවයක් උඩ නොවෙයි, නමුත් දේශපාලනය අපි දිනන්න ඕනේ.
විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්ට වසර 24 කට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් පත්කරගෙන ඉන්පසුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමේ ඉතාමත්ම හොඳ අවස්ථාවක් තියෙන්නේ.
ඇත්තවශයෙන්ම ජයග්‍රහණය ආතේ තියාගෙන පරාජය කරා යන්නට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. අන්න ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහතා කොයිතරම් හොඳ දක්ෂ බුද්ධිමත් නායකයෙක් වුණත් ජයග්‍රහණය වෙනුවෙන් මේ අවස්ථාවේදී අපි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා බවට පත්කරන්නට ඕනේ.''
වීඩියෝ