එජාප සන්ධානයේ පක්ෂවල සහය සජිත්ට !

 එජාප සන්ධානයේ පක්ෂවල සහය සජිත්ට !

රාජිත සේනාරත්න අමාත්‍යවරයා හැරුණු විට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අනෙකුත් පක්ෂවල සියලු නායකයන්‌ගේ සහය සජිත් ප්‍රේමදාස මහතාට

හිමිව ඇතැයි 'රාවය' පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදුර්දීන්, පී. දිගම්බරම්, පී. රාධක්‍රිෂ්ණන් යන නායකයන් නියෝජනය කරන පක්ෂවල පමණක් නොව චම්පික රණවක ඇතුළු හෙළ උරුමයේ සහයද ඔහුට ලැබී ඇතැයි එජාපෙ නායකයෙක් පැවසු බව 'රාවය' පුවත් වාර්තාවේ සඳහන් වේ.

එම පුවත් වාර්තාවේ මෙසේද දැක්වේ.

sep 13 Text 2''මීට අමතරව අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ සහයද සජිත් ප්‍රේමදාස මහතා වෙත ලැබි ඇත.

මීළඟට පැවැත්වෙන එජාපෙ නායක රැස්වීමට සජිත් ප්‍රේමදාස මහතාට ද ආරාධනා කර ඇති අතර ලබන සතිය මුල වන විට එජාප සහ එජාපෙ අපේක්ෂක ප්‍රශ්නය විසඳෙනු ඇතැයි අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජාතික හෙළඋරුමයේ ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කියා සිටියේ අපේක්ෂකයා නම් කිරීම මෙසේ කල් දමමින් එජාප නායකයා, ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට දේශපාලන අපරාධයක් සිදුකරමින් සිටින බවය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන තුරු ඒ පිළිබඳ අදහස් පළ නොකරන බවය.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවේදී, එජාප නායකයා පවසා ඇත්තේ එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ හා එජාපෙ පක්ෂවල සහය ලබාගෙන පැමිණෙන ලෙසය.

පක්ෂ නායකත්වය ඉල්ලීම සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඉවත්කරගෙන ඇති අතර ඊළඟ මහමැතිවරණය තෙක් අගමැති ධූරය වෙනස් නොකරන බවට පොරොන්දු වී ඇතැයිද වාර්තා‌ වේ.''

(උපුටා ගැනීම -රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න