ශ්‍රීලනිපය අනුරට සහයදීමේ අදහසක!

ශ්‍රීලනිපය අනුරට සහයදීමේ අදහසක!

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයත් සමග එකතුවීමේ හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල යම් කතිකාවක් ආරම්භ වී ඇතැයි එහි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එසේ කතිකාවක් ආරම්භ වී ඇත්තේ, පොහොට්ටු පක්ෂය දිගින් දිගටම ශ්‍රීලනිපය නොසලකා කටයුතු කරන්නේ නම් ඉදිරි සති කිහිපය තුලදී එළඹිය හැකි විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදීය.

මිට අදාල යම් ඉඟියක් ශ්‍රීලනිප මහ ලේකම්, දයාසිරි ජයසේකර 'රාවය' පුවත්පත සමග කළ සංවාදයක දී ප්‍රකාශකර ඇත.

''ශ්‍රී. ල.නි. පක්ෂය පොදු ජන පෙරමුණට සම්බන්ධ නොවී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කරන්නේ නම් නව සන්ධානයක් ගොඩනඟා ගැනීම සඳහා සහයෝගය අපේක්ෂා කරන පක්ෂ මොනවාද? '' කියා 'රාවය' කළ විමසීමක දී ශ්‍රීලනිප ලේකම්වරයා මෙසේ පවසා තිබේ.

''ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අපිට ඕනේ නම් එකතු වෙන්න පුළුවන්. ඒක එක් විකල්පයක්. ඒ අය සමග එකතුවෙනවාද? නැද්ද? කියන කාරණය අනාගතයේ තීරණය විය යුතු දෙයක්. ඒ තියා ජාතික ජන බලවේගයත් සමගත් අපිට එකතුවෙලා යම් තීන්දුවකට යන්න පුළුවන්.

මේ සියලු කාරණා අපි බලන්නේ මේ ජනාධිපතිවරණය වගේම ඊළඟ මහමැතිවරණය දක්වාත් ඒ එකතු වීම තිබිය යුතුයි. ඒ නිසා අපේ අදහස් අපි අතහැරලා නැහැ. අපි වාමාංශික දේශපාලන ව්‍යාපාර සමග, වාමාංශික බලවේග සමග ශ්‍රී. ල.නි. පක්ෂය ගැට ගහලා තියෙන්නේ.''

කැරැල්ලක් අත ළග!

මේ අතර රට පුරා පැන නගින කැරැල්ලක් අත ළග බවට සමාජ මාධ්‍ය ඔස්සේ යම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් පෝස්ටුවක් ප්‍රචාරය කරමින් පවතී.

‘නිල් පාට කැරැල්ලක් රට පුරා – සූදානමින් ඉන්න!’ යනුවෙන් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා වලින් මෙම පෝස්ටුව විවිධ සමාජ වෙබ් අඩවි සහ වට්ස්ඇප්, වයිබර් යනාදී පණිවුඩ හුවමාරු වේදිකා හරහා ප්‍රචාරය වේ.

Kerella atha langa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න