Language Switcher

Ad

Ad 01

V2025

ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් පස් දෙනාගේ : පක්ෂ සාමාජිකත්වය තහනම් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කළ මන්ත්‍රීවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරිමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

මාතලේ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ආණ්ඩුවට සහාය දක්වන ඒ.එච්.එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන , එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා හා විජිත් විජේමුණි සොයිසා යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට නියමිතය.

ඉදිරි දින දෙක තුන ඇතුළත අදාළ ලිපි ඔවුන්ට යොමු කිරිමට නියමිත බවත් මන්ත්‍රීවරයා  පැවසීය.