Language Switcher

V2025

මහ­ර­ගම පොහොට්ටු තොරණට යටවුණු : සුලා­රිගේ කඳුළු කතාව !

මැති­ව­රණ සමය එළැ­ඹී­මත් සම­ඟින් මහා­මාර්ග ඇතුළු බොහෝ පොදු ස්ථාන­වල දේශ­පා­ල­න­ඥ­යන්ගේ පෝස්ටර්, කට­වුට්, බැනර් සුලබ දසු­නක් බව ඉති­හා­සය හොඳින්ම සාක්ෂි සප­යයි. පෝස්ටර්, කට­වුට්, බැන­ර්ව­ලින් තොර මැති­ව­රණ ප්‍රචා­ර­ණ­යක් ගැන මොන­ත­රම් පාරම් බෑවත් එය ගඟට කපන ඉනි මෙනි. ඉදිරි මැති­ව­රණ සමය එළැ­ඹී­ම­ටත් පෙර විශාල දැන්වීම් පුව­රු­වක් නිසා අක­ර­තැ­බ්බ­යක් වූයේ පසු­ගිය 08 වැනිදා මහ­ර­ගම නග­ර­යේ­දීය.
 
මහ­ර­ගම නග­රයේ ප්‍රධාන මාර්ගය හරහා ඉදි­කර තිබූ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ විශාල පුව­රු­වක් මාර්ගය හරහා කඩා වැටී­මෙන් මහ­මඟ ගම­න්ගත් දෙදෙ­නෙ­කුට තුවාල සිදු­විණි. එසේම සුඛෝ­ප­භෝගි මෝටර් රථ­ය­ක­ටද හානි සිදු­වුණු අතර තවත් අයෙ­කු­ටද තුවාල සිදුවූ බවට සැල­වූ­වත් එය නිල වශ­යෙන් තහ­වුරු නොවේ.
 
මහ­ර­ග­මදී පසු­ගිය දහ­වැ­නිදා පැවැ­ත්වුණ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ උත්ස­ව­ය­කට එහි නායක මහින්ද රජ­පක්ෂ මහ­තාගේ සහ­භා­ගි­ත්වය වෙනු­වෙන් ඊට සුබ­පැ­තුම් එක්ක­ර­මින් ඔහුගේ රුව සහිත මහ­ර­ගම පොදු­ජන පෙර­මුණේ උපාලි කොඩි­කාර සහ කාන්ති කොඩි­කාර දෙප­ළගේ රුවද යොදා එම විශාල පුව­රුව ඉදි­කර තිබිණි.
 
මෙය සාමාන්‍ය සිදු­වී­මක් ලෙස හුවා දක්ව­මින් සමා­ජ­යේද එත­රම් කතා­බ­හට ලක් නොවූ­වත් තුවාල වූ තරු­ණි­ය­කගේ තත්වය බැරැ­රුම්ය. කොළඹ ජාතික රෝහලේ හදිසි අන­තුරු අංශයේ සය­න­යක වැතිරි සිටින ඇය දුටු විට­නම් එම ඛේද­නීය සිදු­වීම කෙත­රම් බර­ප­තළ ද යන්න එහි ගිය විට දැන ගත හැක. දැන්වීම් පුව­රුව සිරුර මතට වැටී­මෙන් කොන්දට වූ හානිය නිසා ඇගේ කොන්දෙන් පහළ කොටස අප්‍රා­ණි­කව ඇති බව වෛද්‍ය­ව­රුන් පව­සති. මේ නිසා ඇයට ඇවි­දී­මට නොහැ­කිය.
 
මෙම අන­තු­රින් තුවාල ලැබූ ඇය­ ගාල්ලෙ, රජ්ගම පදිංචි 27 හැවි­රිදි සුලාරි ලක්නි­මාය. එම අන­තු­රින් තුවාල ලැබූ ඇගේ පෙම්වතා වූ සුජීව හර්ෂන් එදින සිදු­වූයේ කුමක් ද යන්න පැවැ­සීය.
 
“ මම එදා ගම්පහ ඉඳලා මහ­ර­ග­මට ආවා. සුලාරි ගාල්ලෙ ඉඳලා මහ­ර­ග­මට ආවා. එයා රට යන්න හිටියේ මහ­ර­ගම ඒජ­න්සි­ය­කින්. ඒකට මෙඩි­කල් කර­න්නත් තිබුණේ එදා­මයි. ඒ වගේම ඇඳුම් වග­යක් ගන්නත් එක්ක­මයි දෙන්නම මහ­ර­ග­මට ආවේ. අපි දෙන්නා උදේ නවය වෙන­කොට මහ­ර­ග­මදි මුණ­ගැ­හුණා. කඩේ­කින් කෑම කාලා ඉන්පස්සේ ඒජ­න්සි­යට ගියා. ලියකිය­විලි ටික අරන් මෙඩි­කල් කරන්න යන්න. ඒ වැඩෙත් ඉවර කර‍ගෙන සපත්තු කඩ දෙක­කට ගියා සපත්තු ගන්න. ඊට පස්සෙ පමු­ණුව පැත්තට යන්නයි ගියේ. වෙලාව දහ­යයි තිහත් එකො­ළ­හත් අතර. ඔය පුව­රුව ගහලා තිබුණ හරි­යෙන් පාර මාරු වුණා විත­රයි. ඒක කඩා­ගෙන වැටුණා. අපි දෙන්නත් යට­වුණා. කාර් එක­ක­ටත් හානි­වෙලා තියෙ­නවා දැක්කා. මට හිතා ගන්න බැරි වුණා මොකද වුණේ කියලා. මටත් තුවාල වුණා. කවු­රු­වත් සුලා­රිව රෝහ­ලට ගෙනි­යන්න ඉදි­රි­පත් වුණේ නැහැ. පාරේ යන ත්‍රීවිල් එකක් නතර කරලා මම සුලා­රිව කළු­බෝ­වි­ලට රෝහල අර­ගෙන ගියා. ඇගේ තත්වය බර­ප­තළ නිසා ජාතික රෝහ­ලට මාරු­කළා. අහිං­සක ඇයට වුණ දේ මට ඉවස ගන්න බැහැ. මං මේ මොහොතේ ඉල්ලන්නේ සුලා­රිට දෙප­යින් නැගි සිටින්න ලෝකෙ කොහේ හෝ රට­කට ගෙනි­හින් ඇය සුව කර­ග­න්න ­උ­දව් කරන්න කියලා. දන්න දන්න අය කිය­නවා නඩු කියන්න කියලා . අපිට නඩු කියන්න සල්ලි නැහැ. දැන්වීම් පුව­රුව කඩා වැටුණ එක සාමාන්‍ය දෙයක් කියලා කවු­රුත් හිතන්නේ. ඒත් සුලා­රිට වෙලා තියෙන දේ කවු­රු­වත් දන්නේ නැහැ.
 
මට අන්ති­මට කියන්න තියෙන්නෙ මෙච්ච­රයි. අපිට පක්ෂ, විපක්ෂ අදාළ නෑ. සාධා­ර­ණය ඉටු­ක­රන්න.”
 
ඔහු පව­සන්නේ තම පෙම්ව­තිය වෙනු­වෙන් ඇස නැගි කඳු­ළක් පිස දම­මිනි.
 
මහ­ර­ගම නග­රයේ තොරණ ඉදි­කිරීමේ ප්‍රධා­නියා වන උපාලි කොඩි­කාර මහතාගෙන් මේ ගැන විම­සී­මක් කළෙමු.
 
“මහ­ර­ගම තිබුණ අපේ පක්ෂයේ උත්ස­ව­ය­කට මගේ හිත­ව­තුන් පිරි­සක් ඒ තොරණ ගැහැව්වේ. සෙන­සු­රාදා රෑ ගැහැව්වේ. මං හිතන්නෙ සුළ­ඟට වැටෙන්න ඇත්තෙ. එහෙම නැත්නම් කවු­රු­හරි කඩා­ක­ප්ප­ල්කා­රින් පිරි­සක් මොක­ක්හරි හප්පලා කඩලා දාන්න ඇති. මේක සාමාන්‍ය සිදු­වී­මක්. මීට පෙර ගම්උ­දා­වේදි, දැයට කිරුළ වැනි දේව­ල­දීත් මෙවැනි දේ වෙලා තියෙ­නවා. මේ සිද්ධි­යෙන් පාරේ ගිය ගෑනු ළම­යෙක් යට­වෙලා කොන්ද තුවාල වෙලා... ජාතික රෝහලේ ප්‍රති­කාර ගන්නවා. ඒ ළම­යට අපෙන් කෙරෙන්න තියෙන සෑම දෙයක්ම කර­නවා”
 
සුලා­රිට අත්වූ ඉර­ණම නිසා තම පවු­ලද කබ­ලෙන් ළිපට වැටි ඇතැයි රෝහල් වාට්ටුවේ සිටින ඇය බලාගන්නා සුලා­රිගේ මව වන නිල්මිණි සම­න්තිකා කතා කර­න්නට වුයේ හැඬු කඳු­ළෙනි.
 
“මට දිය­ණි­යන් දෙන්නෙක් ඉන්නවා. දොස්තර මහ­ත්තුරු නම් කියන්නෙ මෙයාට සද­හ­ටම ඇවි­ද­ගන්න බැරි­වෙයි කියලා. එහෙම වුණොත්නම් මට ඉඳලා වැඩක් නෑ. මේ දෙන්නගෙ තාත්තත් නැ. මම රට­ව­ල්ව­ලට ගිහින් දහ­දුක් විඳලා දුවලා දෙන්නව ලොකු මහත් කළේ. ලොකු දුව ආබා­ධි­ත­යෙක් වුණොත් මම ජීවත් වෙලා මොක­ටද?. දුව කිසි දෙයක් කන්නෙ බොන්නෙත් නෑ. එයා රට යන්න හිටියේ.
 
එයාට ඕන වුනේ රට ගිහින් ගෙයක් හදා ගන්න.. අන්ති­මට මොකක්ද මේ අපට පාත්වුණ හෙණ­ගෙ­ඩිය. උපාලි කොඩි­කාර මහ­ත්මයයි එයාගේ නෝනයි ඇවිත් දරුවා බලලා ගියා. මගෙන් ඇහැව්වා මොකක්ද කෙරෙන්න ඕනෙ කියලා. මං කිව්වා මට සල්ලි එපා. මගේ දරුවා හිටිය තත්ත්ව­යට පත්ක­රලා දෙන්න කීවා. ඒ ඇරෙන්න වෙන කවු­රු­වත් නම් මගේ දරු­වට වුණේ මොකක්ද කියලා බලන්න ආවේ නැහැ.“
 
අප සුලා­රිව බැලී­මට ජාතික රෝහ­ලට ගිය දින ඇය ශල්‍ය­ක­ර්ම­ය­කට භාජ­නය කිරී­මට නිය­මි­තව සිටි­යාය. ඒ අනුව ඇයගේ තත්ත්වය කෙබ­ඳුද යන්න එම ශල්‍ය­ක­ර්ම­යෙන් පසු යමක් පැවැ­සිය හැකි බව රෝහල් ප්‍රකා­ශ­ක­යෙක් කීවේය.
 
ඕනෑම ප්‍රචා­රණ පුව­රු­වක්, බැන­ර­යක් පොදු ස්ථාන­යක ප්‍රද­ර්ශ­නය කර­න­වා­නම් ඊට අව­සර ගත යුතු­මය. මේ විශාල දේශ­පා­ලන දැන්වීම් පුව­රුව ප්‍රද­ර්ශ­න­යට මහ­ර­ගම නගර සභා­වෙන් අව­ස­ර­යක්ද ගෙන නැති බව එහි නග­රා­ධි­පති ටිරාජ් ලක්රු­වන් පිය­රත්න මහතා සිළු­මි­ණට කීය.
 
“දැන්වීම් පුව­රුව ඉදි­කි­රීම සඳහා අපෙන් කිසිම අව­ස­ර­යක් ගත්තෙ නැහැ. සාමා­න්‍ය­යෙන් මාර්ග­යක ඕනෑම ප්‍රචා­රණ දැන්වී­මක් පළ කර­නවා නම් ආර්. ඩී. ඒ එකෙන්, නගර සභා­වෙන් අව­සර ගත­යු­තුයි. නමුත් එහෙම කිසිම දෙයක් සිදු වුණේ නැහැ. මේ ගැන මගෙන් මහ­ර­ගම පොලි­සිය ප්‍රකා­ශ­යක් ලබා­ගත්තා.” නග­රා­ධි­පති තුමා පව­සන්නේ එසේය.
 
අව­ටින් කළ සොයා බැලිම්වලදි අස­න්නට ලැබුණේ මෙවැනි කතාය.
 
“අපිත් දැක්කා ඕක හද­නවා. ඒ මිනිස්සු හොඳ­ටම බීලා හිටියේ. පොළො­වට මුකුත් සවි කරන්නේ නැති ව තමයි ඕක ඔතැන සවි කළේ. ඒ අය ඔය වැඩේ කිසිම වග­කී­ම­කින් කළේ නැහැ.”
 
පුව­රුව සවි කරනු දුටු­වෙකු පැවැ­සුවේ එවැනි කතා­වකි.
 
දැන් සියල්ල සිදු වී හමා­රය. සිදු වූ වැරැද්ද යළී නිවැ­රදි කිරී­මට බැරිය. නමුදු අස­රණ සුලා­රිට දෙපයින් නැගී සිටී­මට හැකි­යාව ලැබෙන්නේ නම් එය වාස­නා­වකි. පිට රටක හෝ ගොස් සුව­වී­මට ඇයට හැකි­යා­වක් ආර්ථික ශක්ති­යක් නැත. මෙයට වග­කිව යුත්තන්ගේ යුතු­කම මේ අව­ස්ථාවේ ඇයට පිහිට වීමය.
 
(සිළුමිණ )