4 වැනි ආසියා - යුරෝපා ප්‍රති-ත්‍රස්ත සංවාදය : ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් !

4 වැනි ආසියා - යුරෝපා ප්‍රති-ත්‍රස්ත සංවාදය : ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් !
කොන්රාඩ් ඇඩනෝආර් පදනම සහ සිංගප්පූරුවේ එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන පීඨය විසින් සංවිධානය කරන 4 වැනි ආසියා - යුරෝපා ප්‍රති-ත්‍රස්ත සංවාදය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ දිනේෂ් දොඩම්ගොඩ ආරාධනා ලැබ සිටියි.
 
"අන්තවාදී ප්‍රචණ්ඩත්වය වැලැක්වීම සහ මැඩලීම සඳහා සිවිල් සංවිධාන සහයෝගිතාවය" යන මැයෙන් මැලේසියාවේ, ක්වාලම්පුර්හි මේ මස 17 දා සිට 19 දා දක්වා මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ.
 
බ්‍රිතාන්‍ය රාජකීය යුධ හමුදා විද්‍යා පීඨයේ ගෝලීය ආරක්ෂාව පිළිබද පශ්චාත් උපාධිධරයෙකු වන දොඩම්ගොඩ මහතා, ජාතික ආරක්ෂාව පිළිබඳ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභීයෙකි. ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෲ සරසවියේ ත්‍රස්තවාදය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබද මධ්‍යස්ථානයේ සහ බ්‍රිතාන්‍ය නිව් කාසල් සරසවියේ ත්‍රස්තවාදීන්ගේ මාධ්‍ය භාවිතාව සහ සිය දිවි නසා ගැනීමේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂකයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති ඔහු, වෘත්තියෙන් නීතිඥයෙකු වන අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න