Language Switcher

V2025

සිංහල-බෞද්ධ රාජ්‍යයක් :ඥානසාර හිමිගෙන් ගෝඨාබයට සයිඩ් සපෝට් එකක්!

''70% සිංහලයන්ට ජනාධිපති කෙනෙක් පත් කරගන්න අපට බැරි ඇයි ?''

දැයි විමසන බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ, ඒගැන සියලු සිංහලයින් අවධානය  යොමු කල යුතු බව අවධාරණය කර සිටිති.

සිංහලයා බලු කොට සිංහලයෙක් නාමිකව රජ විමේ පලක් නොමැති බවද උන්වහන්සේ පවසති.

උන්වහන්සේ එබව සඳහන් කර සිටියේ, 'දැයම එක රොදකට' යන්න තේමා කරගත් බොදුබල සේනා සංවිධානයේ තරුණ සමුළුව අමතමිනි. එම සමුළුව ඊයේ (14) සෙනසුරාදා පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැතියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්විමන් උන්වහන්සේ ප්‍රකාශ කළේ භික්ෂුන් වහන්සේලාගේ වගකීම පවතින පක්ෂ වලට නායකයින් සෙවීම නොව රට ගොඩනැඟිය හැකි 'ජාතික නායකයෙක්' ගොඩනැගීම බවයි.

උන්වහන්සේ එම ප්‍රකාශය සිදු කලේ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ 'ජාතික අපේක්ෂකයා' ලෙස බවට ප්‍රකාශයට පත්ව තිබෙන මොහොතක දී වීම විශේෂ කාරණයකි. 

sep 15 Text 1ගෝඨාබය රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ජාතික අපේක්ෂකයා ලෙස බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ව්‍යාපාරික හමුව අමතමින් ප්‍රකාශ කළ බව ගෝඨාබයගේ ජ්‍යෙෂ්ඨ උපදේශක දිලිත් ජයවීරගේ 'අද දෙරණ' වෙබ් අඩවිය ද වාර්තා කර තිබේ.

කෙසේවුවද බොදු බල සේනා තරුණ සමුළුව අමතමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මෙසේ අදහස් දැක්විය.

'අපගේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් බරපතළ අනතුරු ගණනාවකට මුහුණ දී ඇති මේ මොහොතේ නුගේගොඩ එළිමහන් රංග භූමිය අවට රැස්ව සිටින ඔබ දකින විට වරෙක මට ඇතිවන්නේ ඉමහත් අභිමානයක්. ඒ වගේම සතුටක් ඒ වගේම ඔබ සැමගේ බලාපොරොත්තු සහගත මුහුණ දිහා බලනවිට මට මහා සංවේගය කුත් දුකකුත් ඇති වෙනවා. මට සතුටක් අභිමානයක් දැනෙන්නෙ වසර දහස් ගණනක් තිස්සේ අපගේ මාතෘ භූමිය ආරක්ෂාකරගත් උතුම් මිනිස් පරපුර තවමත් ජීවමාන බව ඔබ තුළින් දකින විට.

එදා මෙදා තුර මේ රට මුහුණ දුන් අනේකවිධ සතුරු උවදුරුවලින් අපේ රට රැක ගත්තේ ඔබ වැනිම රටට ජාතියට සම්බුද්ධ ශාසනයට අසීමිත ලෙස ඇලුම් කළ මිනිසුන් විසින් මේ පරම්පරාව අපටත් රටටත් සම්බුද්ධ ශාසනයටත් ආභරණයක් ශක්තියක් ආඩම්බරයක්.

sep 15 Text 2ඒත් මේ ජීවගුණය උතුරා යන බලාපොරොත්තු සහගත මූණු දිහා බලන විට මට සංවේගයක් ඇති වන්නේ මේ මහා ශක්තියට නායකත්වය දිය යුතු මා ශක්තියට මග පෙන්විය යුතු අපගේ වැඩිහිටි පරම්පරාව අපගේ ජාතික නායකත්වය පක්ෂ පාට කඳවුරු පිල්වලට බෙදී නිද්‍රාශීලිව එකිනෙකා කුලල් කා ගනිමින් මහා දේශපාලන බල පොරයක පාර්ශ්වකරුවන් වෙමින් හෝ දේශපාලන කඳවුරු වල වහලුන් ලෙස හැසිරෙන බවට මතක් වෙන විට.

උන්මත්තක ඉස්ලාම් අන්තවාදයේ අඳුරු සෙවණැලි!

එක් පසෙකින් ම්ලේච්ඡ පාස්කු ඉරිදා ප්‍රහාරය හරහා පෙන්නුම් කළ උන්මත්තක ඉස්ලාම් අන්තවාදයේ අඳුරු සෙවණැලි අපේ සමාජය තවමත් වෙලා ගනිමින් සිටිනවා. අනෙක් පසෙන් මේ රට වසර තිහක් තිස්සේ බිහිසුණු යුද්ධයකට ඇද දැමූ ජාතිවාදී වර්ගවාදී බෙදුම්වාදය යලිත් හිස ඔසවමින් තියෙනවා.

 තවත් පසකින් ඇමෙරිකාව ඉන්දියාව චීනය වැනි විවිධ ලෝක බලවතුන් විවිධ උගුල් අටවමින් අපේ රටේ ස්වාධීනත්වයත් ආර්ථික සම්පත් කොළ කනටත් මානබලමින් පිඹුරුපත් පිඹුරුපත් සකස් කරමින් සිටිනවා.

මේ සියලු අනතුරු හමුවේ අපේ පාලකයින් ජාතික නායකයෙක් වැඩිහිටියන් ඇස්කන් නැති මිනිසුන් ලෙස පටු දේශපාලන මඩ ගොහොරුවක කුලල් කා ගනිමින් ජාතිය තව තවත් අනතුරට පත් වනතුරු බලා සිටිනවා.

ගිහින් බලන්න ඔබේ ගම බෙදිලා ඔබේ මිතුරන් බෙදිලා අපේ පන්සල් බෙදිලා අපේ සමාජය බෙදිල එකම දේශපාලන පක්ෂයක මිනිස්සු පුද්ගලයින් අනුව බෙදිලා බෙදෙන්න පුලුවන් හැම විදියකටම අපි බෙදිලා.

ඉතින් ජාතියක් දුර්වලවීම අහන්න දෙයක් ද සතුරු බලමුළු ශක්තිමත් වීම අරුමයක්ද මට තියෙන දුක මෙතරම් අනතුරු ගණනාවකට අපේ රට ජාතිය ශාසනය මුහුණ දෙමින් සිටින අවධියක අපේ සමාජයේ මේ දකින මහා භේද භින්න වීමයි.

sep 15 Text 6අපි හේතුඵල වාදය අනුව හිතන්න පුරුදු කළ පරපුරක් ඒ අනුව ජීවිතය හැඩ ගසා ගන්න පුහුණු කළ පිරිසක් මේ ගැටලුව දිහා අපි බලන්නේ බැලිය යුත්තේත් එම පදනම සිටමයි මොකද හේතුඵල වාදය කියන්නේ සසරින් එතෙර වෙන්න විතරක් නෙවෙයි අභියෝගයට මුහුණදීම සඳහා වලංගු සදාතනික සත්‍යයක් නිසයි.''

ජාතික නායකත්වය වෙනුවෙන්...

උන් වහන්සේ මෙහිදී අවධාරණය කර සිටියේ සිංහල ජාතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ වතාවේ බොදු බල සේනාව තරගයට අවතීර්ණ වන බවය. එසේම ඒ ජාතික නායකත්වය ගොඩනැගීමට තම තමන්ගේ පක්ෂ, ව්‍යවස්ථා හෝ ලාංජනවල එල්ලී නොසිට ඒ සියල්ල අතහැර එක්විය යුතු බව, සිය දේශනාවේ අවස්ථා කිහිපයක දීම අවධාරණය කර සිටියේය. උන් වහන්සේගේ ප්‍රකාශය මෙසේය,

ඒ සිංහල ආණ්ඩුව හදන්න බෑ, ජාතිය බෙදිලා ඉන්නැද්දි. මේ වතාවේ නම් දෙන්නං කාසිවලට මොනම නායකයෙක් පස්සෙවත් අපි යන්නේ නෑ. දෙන්නං කාසිවලට යන්නෙ නෑ අපි. ඇයි අපි එහෙම කියන්නෙ? දැන් බලන්න මේ දවස්වල.. මුන්ට ගහන්න එපැයැ අම්මපා ඉලපතෙන්. කණ්ඩායමක් කියනවා අම්මෝ අපිට ලාංජනය නැතුව බෑ. එතකොට අපි තේරුම් ගන්න ඕන මොකක්ද? මුන්ට ලොකු රටද? ලාංජනය ද? මුන්ට ලොකු පක්ෂෙ ද? රටද? මේ දවස්වල වඩා හොඳින් පේනවා අපේ පක්ෂෙ... අපේ පක්ෂෙ... අපේ ලාංජනේ...

උන් වහන්සේ එසේ පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂගේ පොහොට්ටුව ළකුණට අකමැති බව පවසා ඇති පසුබිමක ය. 

 

රට ජාතිය ආගම මුහුණ දෙන ගැටලුව අභියෝග මොනවද?

රට ජාතිය ආගම මුහුණ දෙන ගැටලුව අභියෝගය මොනවාදැයි විග්‍රහ කරමින් උන්වහන්සේ මෙම සමුළුව අමතා කල කරුණු සංශිප්තව පහත පළකර තිබේ.

01. ජාතික ආරක්ෂාවේ බිඳවැටීම:

# එකම රටේ විවිධ ජාතීන් විවිධ ආගම් අනුව වෙන වෙන නීතිරීති ක්‍රියාත්මක කරමින් සිංහල ජාතිය දුර්වල කිරීමට ඉඩ හැරීම.

# ඉස්ලාම් අන්තවාදය හිස එසවීම සහ එය පාලනය කිරීමට අවශ්‍ය නීති රීති අණ පනත් ගෙන ඒම පමා කරමින් කරන කල් මැරීම හා නීති රීති වල සැර බාල කරමින් කරන ඇල් මැරීම.

02. යළි හිස ඔසවන ද්‍රවිඩ බෙදුම්වාදය sep 15 Text 3

# කිසිදු බිය  හැකක් නැතිව උතුරේ දෙමළ දේශපාලන පක්ෂ වාර්ගික බෙදුම්වාදය වෙනුවෙන් එලිපිට පෙනී සිටිමින් ප්‍රවර්ධනය කරමින් සිටී. මෙම තත්වය පාලනය කිරීමට කිසිදු හරවත් වැඩපිළිවෙළක් අපට නැත.

# සාමාන්‍ය ජනතාව මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලු වලට විසදුම් සොයනවා වෙනුවට අපේ දේශපාලකයින් සිදුකරනුයේ උතුරේ ජාතිවාදී දේශපාලන නායකයින්ගේ ඉල්ලීම් ඉටු කරමින් වර්ගවාදය තවතවත් ප්‍රවර්ධනය වන්නට පරිසරය සැකසීමයි.

# අප ජාතිය කොතරම් දින වී ඇද්ද කියතොත් ඇතැම් ප්‍රධාන දේශපාලන පක්ෂ අද සිය ජනාධිපති අපේක්ෂකයා පවා තෝරන්නෙ සම්බන්ධන්, බදුර්දීන්ට, හකීම්ට, මනෝ ගනේෂන් ට අවශ්‍ය පරිදි මිස සිංහල ජාතියේ උවමනාවන් ඉටු කිරීම වෙනුවෙන් නොවේ.

03. විදේශ ආර්ථික ආක්‍රමණය

# ඇමරිකානු අතපෙවීම් සහ sofa ගිවිසුම.

# ආර්ථික මර්මස්ථාන අත්පත්කර ගැනීමට ඉන්දීය රජය කරන බලපෑම් කොළඹ වරාය ත්‍රිකුණාමල වරාය පලාලි ගුවන්තොටුපල වැනි සෑම ක්ෂේත්‍රයකම තීරණ සඳහා ඉන්දීය  ඍජු ලෙස බලපෑම් කරමින් සිටී.

# චීන ණය උගුල අපේ රටේ චීන කොලනියක් බවට පත්වන තරමට චීන ණය බරෙන් අපි කොටු වී සිටිමු. බොහෝ යටිතල පහසුකම් සඳහා මෙරට සේවය කිරීමට චීන,ඉන්දීය ජාතිකයින් පැමිණෙමින් සිටී.

# අපේ රට ශ්‍රම වෙළෙඳපොළ දැවැන්ත චීන ඉන්දියානු ආක්‍රමණයකට ගොදුරු වෙමින් සිටී.

04. අරාබි තෙල් සහ වහල් සේවය.

# කෙතරම් විශ්මකර්මයින් ලෙස පාරම් බෑවත් මැදපෙරදිග ගෘහ සේවිකාවන් ලවා ඉන් යැපෙන ආර්ථිකයකින් ඔබ්බට යමක් කිරීමට වසර හැත්තෑවක් මෙරට පාලනය කළ පක්ෂ අසමත් වී ඇත.

# විකල්ප බලශක්ති සංවර්ධනය අඩපණ කොට අරාබි තෙල් වලින් යැපෙන බලශක්තිය ආකෘතියක් මෙරට නිර්මාණය කර ඇති අතර අප අරාබි තෙල් ආදිපත්‍යයක් ගොදුරක් වෙමින් පවතී.

5. බිඳවැටුණු කෘෂි ආර්ථික පද්ධතිය.

# කෘෂිකර්ම ක්ෂේත්‍රය අඩපණ කොට, ග්‍රාමීය ගොවි ජනතාව දිළින්දන් බවට පත්කර ඇති අතර මෙම ආර්ථික මොඩලය රට දිනෙන් දින ස්වයංපෝෂිත ආර්ථිකයක් කරනවා වෙනුවට යැපුම් ආර්ථිකයකට තල්ලු කරමින් සිටී.

# ඩොලර් බිලියන ගණන් පිටරට ණය වෙමින් මෙරට වගා කළ කී බොහෝ ආහාර වර්ග ආනයනය කරන ආර්ථික ආකෘතියක් මේ රටට බලහත්කාරයෙන් ආරෝපණය කර ඇති අතර එහි ප්‍රතිඵලය වී ඇත්තේ ග්‍රාමීය ආර්ථිකය බිඳවැටීම ආර්ථිකයට සක්‍රීය ලෙස දායක විය හැකි තරුණ කොටස් ඵලදායි නොවන වෙනත් සිල්ලර රැකියා සඳහා හුරු පුරුදු වීමයි.

06. අවිධිමත් අධ්‍යාපන ක්‍රමය

# එක් පසෙකින් සුපිරි ජනප්‍රිය පාසල් සංස්කෘතියක් වේ. වත් පසෙකින් ජාත්‍යන්තර පාසල් හරහා නිර්මාණය වෙමින් පවතින බටහිර පන්නයේ අනාගත පරපුරකි.

# සිංහල භාෂාවෙන් ඉගෙන ගන්න ග්‍රාමීය සිංහල ජනතාවගේ දරුවන්ට අනාගත ආර්ථික ඇති ඉඩප්‍රස්ථා ඉතා සීඝ්‍රයෙන් ඇහිරෙමින් පවතී.

අපි බොහෝ දේ දරුවන්ට කියා දෙන්නට උත්සාහ කරමු. වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ට කියා නොදෙන එකම දෙය සිය දැනුම ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරයයි. ඒ නිසා ම වෙහෙස වී වැඩ කිරීමට නොහැකි වෙහෙස වී වැඩ කිරීමට අකමැති mobile phone එකක screen එක දිහා බලන් ඉන්න පුරුදු වීම, යැපුම් අනාගත පරපුරක් අප නිර්මාණය කරමින් සිටිමු.

# ඒ ඉතා නුදුරේම දැවැන්ත සමාජ ඛේදවාචකයක් බවට පත්වන ලකුණු දැනටමත් පහළ වී තිබේ.

මෙම තත්ත්වය වෙනස් කළ යුත්තේ ඇයි ?

sep 15 Text 4# සිංහලයන්ට රටක් තිබුනි. එය වසර 2500කට පෙර ද තිබුනි. ඒ ඉස්ලාමය බිහිවන්නට පෙරය. ක්‍රිස්තියානි  හා කතෝලික  ධර්ම බිහි වන්නට පෙරය.  වසර 2500ක් බුදු දහම රැක්කේ සිංහලයන්‍ ය. ලෝකයට දායද කරන්න බුදු දහම රැක්කේ සිංහලයන්‍ ය. ඉදිරි වසර 2500 බුදු දහම රකින්න නම් සිංහලයා රැකිය යුතුය. සිංහලයා රකින්නට නම් සිංහලයාට රටක් තිබිය යුතුය.. අද අපට එය අහිමි කරන්නට කටයුතු කරමින් සිටී..

# මුලින්ම සිංහලය නම් වූ අපේ රටේ නම  නැති කර ඇත. අසිංහල නගර හා ගම්, පාරවල් හදමින් තිබේ.  අපේ නම් ගම් පවා අසිහංල  කර අපේ චින්තනය, කෑම බිම, පවා අසිංහල  කරමින් තිබේ.

එය කරන්නට අප ඉඩ නොදෙමු.. අප බලවත් වෙමු. අප නිර්භීත වෙමු.. අපට නැත්තේ එක්මුතු කම නැති කම පමණි.. ව්‍යවස්ථාව , ප්‍රජාතන්ත්‍රවාදය , ජන්ද ක්‍රමය ආදී වූ මේ සියලු අසිංහල ව්‍යුහයන් විසින් අපි ඉතා සූක්ෂ්ම  ලෙස අපව කොටවමින්. බෙදවමින් සිටී. මේ සියලු ජන්ද වලිනි අප අත්විදින්නේ එම යථාරතයයි..

 # අපව බෙදීම  ඉතා හොදින් සිදු කරමින් පවතී... එය අප ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, ජන්ද ක්‍ර්මය, පාර්ලිමේන්තුව, පළත සභා, ප්‍රාදේශීය  සභා ලෙස  අත් දකිමින් සිටි.

 # මේ ව්‍යුහයන් හරහා, නීත්‍යනුකූලව අපව බෙදීම අප විසින් වහ වහා නැවැත්විය යුතුය.

 # අප එය කෙසේ හෝ කරන්නෙමු. එය මේ ජනාධිපතිවරනයේදී අපගේ මූලික වගකීම විය යුතුය.

 # ප්‍රජාතන්ත්‍රවාදය යනු  බහුතරයේ කැමැත්තට රට පාලනය කරන්නේ නම්  තොන්ඩමන් හා අෂ් රොෆ් අතීතයේදී රජුන් තනන්නා වූයේ ඇයි..? මහින්දට හා රනිල්ට රිෂද් පසු පස යන්න සිදු  වූයේ ඇයි?. 

bbs 1000px