එජාප අපේක්ෂක ප්‍රශ්නය දින 10 න් අවසන් : කිරිඇල්ලගෙන් සහතිකයක් !

එජාප අපේක්ෂක ප්‍රශ්නය දින 10 න් අවසන් : කිරිඇල්ලගෙන් සහතිකයක් !

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් බවත් අපේක්ෂකත්වය සම්බන්ධයෙන් වන ගැටලුව තවත් දින 10ක් ඇතුළත විසදෙනු ඇති බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

මහනුවර පැවැති වැඩසටහනික් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙලා ඉක්මනින්ම අවසන් තීරණය ගන්නවා. එක්ස්ත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින්.

කලින්ම ඉල්ලනවා කියපු අයට යන්න තැනක් නෑ. අපි දිනන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් කරනවා. සාමයෙන් රැස්වෙලා සාමකාමීව එකඟතාවයකට එනවා.

අනිත් අපේක්ෂකයා තෝරා  ගත්තේ රාජපක්ෂ පවුල. අපේ අපේක්ෂකයා තෝරන්නේ පක්ෂයෙන්.

අපේ ප්‍රශ්නය තව සතියකින් දින 10කින් අවසන් වෙනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න