අවලාද - කෙඳිරිලි නැතුවම : අගමැති ජනාධිපති කොමිසම හමුවේ !

අවලාද - කෙඳිරිලි නැතුවම : අගමැති ජනාධිපති කොමිසම හමුවේ !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  අද(16) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණ ඇත.

ඒ 2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි සැළකෙන වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සිදුකළ  කැඳවීම අනූවය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධ පැමිණිල්ලට අදාළ සාක්ෂි විමසීම සඳහා අගමැතිවරයා  කැඳවිණි.

සාක්කි ලබා ගැනීම තවදුරටත් සිදුකෙරේ.

අගමැති සහ ජනාධිපතිගේ වෙනස ගැන විචාරක පැසසුම් !

මීට පෙර දිනයක අග්‍රාමාත්‍යවරයාව මෙම කොමිසම හමුවට කැඳවා තිබූ නමුත් යොදාගෙන තිබූ විශේෂ රාජකාරි කිහිපයක් හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා එදින ඊට සහභාගී වූයේ නැත. නමුත්  ඒ වෙනුවට වෙනත් දිනයක් ඉල්ලා ගැනීමට අග්‍රාමාත්‍යවරයා අගමැති කාර්‍යාලය හරහා කටයුතු කර තිබූණි.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරයා යහපාලන ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ ලබාදෙන ආදර්ශය පැසසිය යුතු බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට ජනාධිපති කැඳවීමට යන බව ඇසීමෙන් පසුව සිරිසේන ජනාධිපති හැසිරුණු ආකාරය සහ අග්‍රාමාත්‍යවරයා හැසිරෙන ආකාරය අහසට පොළව මෙන් බවත් නීති ගරුක සහ යුක්තියේ විනිශ්චය සඳහා දේශපාලන තන්ත්‍රය යටත් බව ආදර්ශයෙන් ඔප්පු කිරීම අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණීම හරහාත් ඔප්පු කළ බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

වචන නොව භාවිතය වැදගත් !

රටකට අවශ්‍ය පරුෂ වචන කියමින් ග්‍රාම්‍ය මානසිකත්වය ඇතිව හැසිරෙන නායකයන් නොවන බව ජනතාව තේරුම් ගත යුතුව ඇති බවත් ජඩමාධ්‍ය වාර්තා සහ බොරු පුරාජේරු වෙනුවට එක් එක් නායකයන් ගේ භාවිතය සම්බන්ධව ජනතාව අවධානය යොමුකළ යුතු බවත් දේශපාලන විචාරකයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න