පක්ෂ නායක රනිල් ගැන අශෝක් අබේසිංහට බරපතල සැකයක් : රාජපක්‍ෂලා සමග ඩීල් !

 පක්ෂ නායක රනිල් ගැන අශෝක් අබේසිංහට බරපතල සැකයක් : රාජපක්‍ෂලා සමග ඩීල් !

අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාදීමට අගමැති ඇතුළු සිය පක්‍ෂයේම සුළු පිරිසක් එරෙහි වන්නේ රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතා අනුව දැයි සැක මතුවන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි.

මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්‍ෂය ගන්නා තීරණය අනුව සිය ඉදිරි දේශපාලනය තීන්දු විය හැකි බවද ඔහු කියා සිටියි.

ඊයේ (18) රාත්‍රියේ ප්‍රචාරය වූ 'නෙත් එෆ්.එම්. අන්ලිමිට්ඩ්' වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එබව සඳහන් කළ ඇමති වරයා තවදුරටත් මෙසේද පැවසිය. 

 "මේ මැතිවරණයේ යම් යම් තීන්දු මත අපේ දේශපාලනය තීන්දු වෙන්න ඉඩ තියෙනවා. මොකද අපිට ඕනේ දේශපාලන ජයග්‍රහණයක්. පක්ෂය ජයග්‍රහණය කළ යුතුයි. පක්ෂය ජයග්‍රහණය කරවන්න අපේක්ෂකයෙක් ඉන්නවා නම් ඒ අපේක්ෂකයා දාලා ජයග්‍රහණය කරන්න පක්ෂ නායකත්වය කැමැති නැත්නම් අපි මොකද කරන්නේ. අපිට තීන්දු ගන්න සිද්ධ වෙයි. මේක ජනතාවට අපි කියන්න ඕනේ.

මොන විනය පරීක්ෂණ තිබ්බත් මම මේක කියනවා. මට හිතෙනවා මේක ඩීල් එකක්ද කියලා. විරුද්ධ පක්ෂයත් එක්ක..''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න