එජාප අපේක්ෂකයා නම් කිරීම : සැප්තැම්බර් 24 කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී !

එජාප අපේක්ෂකයා නම් කිරීම : සැප්තැම්බර් 24 කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී !

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික  පෙරමුණ පිහිටුවීම හා එක්සත් ජාතික  පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම එළැඹෙන  24 වනදා  සිදුකිරිමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකුගෙන් ලිඛිත ඉල්ලීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  වෙත යොමුකර ඇති බවත් ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ  කථානයක කරු ජයසූරිය බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම සඳහා සියලු නායකයන්ගේ සාකච්ඡාවක් ඊයේ (19)  රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණු අතර එහිදී  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ් ඡන්ද ලකුණ, ව්‍යවස්ථාව, ලිපිනය, ජනාධිපතිවර ප්‍රතිපත්ති ආදී වැදගත් කරුණු රැසක් පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණ ඇති බවද වාර්තා වෙයි.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ අවස්ථාවට සහභාගිවීමට විදෙස්ගතව සිටින මැති ඇමතිවරුන් දිවයිනට කැඳවන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  උපදෙස් දී තිබෙන බවත් වාර්තා වෙයි.

ඊයේ පැවැති සාකච්ඡාවලදි එජාප අපේක්ෂකයා තේරීම පිළිබඳව අවසන් තීරණයක් නොගත් බවත් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කර 24 වැනිදා වන විට අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බවට අගමැතිවරයා ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් අමාත්‍යවරයා  ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න