Language Switcher

V2025

හකීම් වෙනුවෙන් තලතා සටනේ : අත තියන්න දෙන්නේ නෑ !

කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩ කළ බවට චෝදනා කර රවුෆ් හකීම් අමාත්‍යවරයාට එරෙහිව කිසිඳු ආකාරයේ පරීක්ෂණයක්

සිදු කිරීමට ඉඩ නොදෙන බවත්, ඔහු වෙනුවෙන් සාමුහිකව පෙනී සිටින බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි නීතිඥ තලතා අතුකෝරළ පවසයි.

ඇමතිවරිය එබව සඳහන් කළේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නිල නිවසේ අද (20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ ඇමතිවරිය මෙසේ ද සඳහන් කළාය.

''මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනැයි කියලා 1994 ඉඳලා ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන හැම අපේක්ෂකයාගෙන්ම පොරොන්දුවක් තිබුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය 94 දි කිව්වා. මහින්ද රාජපක්ෂ  මැතිතුමා 2005 දී කිව්වා. 2015 අපි ජයග්‍රහණය කරවපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් කිව්වා.

හැබැයි මේ තුන්දෙනාගෙන් තමාගේ ජනාධිපති බලතල අඩුකරගන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක වර්තමාන ජනාධිපතිතුමා. එතුමාගේ කාලය තුළ මේ දේ සිද්ධවෙයි කියන එක ගැන සමහර අය බලොපොරොත්තු වුණා. විශේෂයෙන් එතුමාගේ කාලය අවසන් වෙන්න ඉස්සෙල්ලා මේ දේ වෙයි කියලාත් සමහරු බලාපොරොත්තුවෙන් හිටියා.

 හැබැයි අද අපි රටේ කවුරුත් දන්නවා පෙරේදා වෙනකොට ජනාධිපති මැතිවරණයට නාමයෝජනා භාරගන්න සහ මැතිවරණය පැවැත්වෙන දිනය මේ වෙනකොට ප්‍රකාශයට පත්වෙලා ඉවරයි. ඒ අනුව අපි සියලු දෙනාම දැන් ජනාධිපති මැතිවරණයට සූදානම් වෙලා ඉන්න අවස්ථාවක මේ ජනාධීපති ක්‍රමය හෝ මේ මැතිවරණය අහෝසි කරන විදිහේ කතා බහකට අපි කොහෙත්ම කැමති නැහැ. sep 20 Text 4 

මොකද එහෙමනම් මේක කරන්න තිබුණා. 2018 ඔක්තෝබර් 26 වෙනිදා තමයි ජනාධිපති ක්‍රමයේ ඉතාම භයානක තත්වයක් අපි දැක්කේ. අපිට එදා ගරු අග්‍රාමාත්‍යතුමාත් අපේ ආණ්ඩුව නියෝජනය කරපු අපි සියලු දෙනාටමත් නැතුව බලහත්කාරයෙන් අපිව එළියට දාන්න හදපු වෙලාවක අපි හැම කෙනෙක්ම එකතුවෙලා, එදා ආණ්ඩුවේ සියලුම පාර්ශවයන් එක්ක එකතුවෙලා සහ විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරපු නිසා කවුරුත් අධිකරණයට බලපෑම් කරන්න පුළුවන් තත්වයක් පහුගිය කාලේ ඇති නොවෙච්ච නිසා නැවතත් අග්‍රාමාත්‍යතුමා සහ රජය නැවත ස්ථාපිත කරන්නට පුළුවන් වුණා.

එහෙමනම් මේ සම්බන්ධයෙන් ඔය ගෙනාවයි කියන පුද්ගලික මන්ත්‍රී යෝජනාව  විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් සම්බන්ධයෙන් කාලයක් තිබුණා ඕනතරම් දැන් මේ නවවෙනි මාසේ. අවුරුද්දේ මුල ඉඳලම මාස නවයක් තිබුණා.

හැබැයි මේ වෙලාවෙදී අපි විශේෂයෙන්ම මේ මැතිවරණයට සූදානම් වෙන වෙලාව. අපි මේ මැතිවරණය ජයග්‍රහණය කරන මැතිවරණයක්. මේ මැතිවරණයේදී මේක අහෝසි කරන්න කවුරුහරි කතාකරනවා නම් විශේෂයෙන්ම අපේ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා වගේම අපේ එක්සත් ජාතික පෙරමුණ කරන පෙරමුණේ සියලුම නියෝජිත පක්ෂ රජය තුළ නියෝජනය කරන  සියලුම පක්ෂ මේ කටයුත්තට විරුද්ධයි.

මේක කා‌ගේ උවමනාවක්ද ?

ඉතින් මේ වෙලාවෙදී අපි මේ තියන විවිධ මත, ඇත්තටම ඊයේ උදේ දහයට එකොළහට වගේ තමයි මේ විශේෂ  කැබිනට් එකත් කැබිනට් මණ්ඩලයට ඉස්සෙල්ලා අපේ කණ්ඩායම යහපාලන ආණ්ඩුවේ පක්ෂ ගණනාවක් තිබිච්ච නිසා පුරුද්දක් හැටියට කැබිනට් මණ්ඩලයට ඉස්සෙල්ලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන දේවල් පෙර කැබිනට් මණ්ඩලයක් අපි අරලිය ගහ මන්දිරයේදී පවත්වනවා.

sep 20 Text 5ඉතින් අපිට දෙකට ඒ රැස්වීමටත් තුනට කැබිනට් මණ්ඩලයටත් එන්න කිව්වා අපි දෙකට ඒ කැබිනට් මණ්ඩලයට සහභාගි වෙන‌කොට අපි  සියල දෙනාම මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් විරෝධතාවය දැක්වුවා. ඒ විරෝධතාවය දැක්වුවා පමණක් නොවෙයි අපි ඇහුවා කාගේ උවමනාවටද මේක කෙරෙන්නේ කියලා.               

එතකොට  නොයෙකුත් අදහස් එතන එක් එක්කෙනාගේ කියවුණා. අපි ඊට පස්සේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය  පවත්වනකොටත් අපි එතුමාගෙනුත් ඇහුවා මේක කා‌ගේ උවමනාවක්ද කියලා. එතුමා කිව්වා මට ඉල්ලීමක් ආවා කියලා.

හැබැයි එක එක්කෙනා ජනාධිපතිතුමාටත් මඩ ගහන්න හදනවා. එතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා හැටියට කැබිනට් මණ්ඩලය රැස් කිරීමේ කැඳවීමේ බලය තියෙන්නේ ගරු ජනාධිපතිතුමාට පමණයි. ඉල්ලීම කෙරුවේ කවුද කියන එක මම හිතන්නේ දැන් පැහැදිළි වෙලා තියෙනවා.

 නමුත් අපි පක්ෂයක් හැටියට අපේ පක්ෂෙ සමගිය අපේ පක්ෂෙ එකමුතුකම ආරක්ෂා කරන්න කටයූතු කරන කණ්ඩායමක් හැටියට අපි ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කියන්න සූදානම් නැහැ. මේ නොකියා එදා කියලා නොකරපු දේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කටයුතු කරනවායි කියලා එදා  කියලා නොකරපු දේ අද අපි සූදානම් වෙන්නේ අපේ ජයග්‍රහණයෙන් පසුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන්න.  

අද විශේෂයෙන්ම ජනාධිපති ක්‍රමයේ තියෙන ඉතාම භයානක තත්වය පැහැදිළි වෙලා තියෙනවා අද රටේ හැම තැනකම. රජයක් හැටියට එහෙම නැත්නම් රටේ ජනතාව මේ හැම කෙනෙක්ම මේ  සම්බන්ධයෙන් හොඳ පැහැදිළි ස්ථාවරයකට ඇවිල්ලා තියෙනවා.

ඉතින් ඒ සම්බන්ධයෙන් අපේ තීරණය තියෙන්නේ මේ ජනාධිපතිවරණය පැවැත්වෙන නොවැම්බර් 16 න් පස්සේ කියන එක තමයි මම වගකීමක් ඇතුව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නෙ.''

''අපි රවුෆ් වෙනුවෙන් පෙනී සිටිනවා''

මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කලාය.

ප්‍රශ්නය:
ඇමතිතුමා විධායකය අයින් කරන යෝජනාව කවුද මේ කැබිනට් එකට ගෙනාවේ.

පිළිතුර:
කවුද ගෙනාවේ කියලා නම් අපි දන්නේ නැහැ. ඒක අපිට කියන්න අවශ්‍යතාවයක් නම් නැහැ.

ප්‍රශ්නය:
කැබිනට් රැස්වීමෙන් පසුව, අගමැතිතුමා මේ යෝජනාව ගෙනාවා කියලා රවුෆ් හකීම් අමාත්‍යතුමා තදබල විවේචනයක් කලා. ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න ඕන කියලා ආශු මාරසිංහමන්ත්‍රීතුමා කිවුවා.

පිළිතුර:
sep 20 Text 6එහෙම එක එක් කෙනාට ඕන විදිහට වෙනත් පක්ෂ නායකයන්ට, රවුෆ් හකීම් අමාත්‍යතුමාට විරුද්ධව පරීක්ෂණ කරන්න කාටවත් බැහැ. අපි ඒකට විරුද්ධයි.

කවුරුවත් හිතනවා නම් රවුෆ් හකීම් ඇමතිතුමා කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම වගකීම කැඩුවා කියලා එතුමාට එරෙහිව පරීක්ෂණ තියන්න ඕන කියලා, අපි පරීක්ෂණ තියන්න නෙවෙයි අපි එතුමා වෙනුවෙන් පෙනී සිටිනවා.

කැබිනට් මණ්ඩලයේ බහුතරයක් එතුමා වෙනුවෙන් පෙනී සිටිනවා .අනික රවුෆ් හකීම් ඇමතිතුමා කියන්නේ එදා ඔක්තෝම්බර් 26 වෙනිදා අපෙන් බලහත්කාරයෙන් ආණ්ඩුව ගත්ත වෙලාවේ සියලු දේ කැප කරලා පෙනී හිටිය කෙනෙක්. එතුමා එදා අප්‍රේල් 21 වැනිදා ලොකු කැපවීමක් කළා. එතුමා ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කරන නායක්යෙක් කියන එක මම කියන්න ඕන.

ආශු මාරසිංහ මන්ත්‍රීතුමා මේ ජාතික ලැයිස්තුවෙන් ආව මන්ත්‍රී කෙනෙක්. එතුමාව අපි දන්නේ 2015 ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවටත් පස්සේ.

රංජිත් මද්දුම බණ්ඩාර හා රවින්ද්‍ර සමරවීර යන අමාත්‍යවරුන් ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.

UNP Team