එළැඹෙන බදාදා තීරණාත්මකයි : පාඨලීගේ යෝජනාවට අගමැති විරුද්ධ වෙයි !

එළැඹෙන බදාදා තීරණාත්මකයි : පාඨලීගේ යෝජනාවට අගමැති විරුද්ධ වෙයි !

එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබන බදාදා (25) රැස් කිරීමට තීන්දු කර ඇත.

අද (20) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ ඒ බව සඳහන් කර තිබේ.

මේ අවස්ථාවේ අදහස් දක්වා ඇති අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජනාධිපති අපේක්ෂකයා තේරීමේ කාර්ය සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට අවස්ථාව හිමිවිය යුතු බව අවධාරණය කර තිබේ.

අපේක්ෂකයින් කිහිප දෙනෙකු ඉදිරිපත් වන්නේ නම්, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා තෝරාගැනීම සිදුකළ යුතු බව ද අමාත්‍යවරයා පවසා ඇත.

''අපි එජාපෙ අපේක්ෂකයා තෝරා ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයට අවස්ථාව දුන්නේ අගෝස්තු 31 ක දක්වා පමණයි. ඊට කලින් අපේක්ෂකයා නම් කරන්න කියල එජාපෙ නායකයින් ඔබතුමාට දැනුම් දුන්නා. දැන් ඒ කාලය ඉවරයි. දැන් මන්ත්‍රී කණ්ඩායමම කැඳවා තීරණයක් ගමු.'' යයි චම්පික අමාත්‍යවරයා යෝජනා කර ඇත.

ඊට එකහෙලා ප්‍රතිචාර දක්වා ඇති අගමැතිවරයා ඊට එකඟවිය නොහැකියයි පවසා තිබේ. එජාප ව්‍යවස්ථාව අනුව ජනාධිපති අපේක්ෂකයා තොරා ගැනීමට බලය ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් බව අගමැතිවරයා අවධාරණය කර ඇත.

'' ඔබතුමාට විශ්වාස භංග ඉදිරිපත් වෙනකොට අපි පස්සේ එනවා, දැන් අපිව එපා කියනවා, හොඳයි බලාගමු'' කියමින් ඇමතිවරයා රැස්වීමෙන් නැගිට ගොස් ඇත.

'අගමැතිවරයා මේ වනවිටත් දැඩි තීරණයක'

ජනාධිපතිවරණයට කතානායක කරු ජයසුරිය ඉදිරිපත් කිරීමට ගත් උත්සාහය අද දිනයේ ව්‍යර්ථ වුවද සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොකිරීමට අගමැතිවරයා මේ වනවිටත් දැඩි තීරණයකට එළඹ ඇතැයි ඔහුට පක්ෂපාති ඇමතිවරයකු පැවසිය.

ජනාධිපතිවරණයට තමා ඉදිරිපත්වන බව අගමැතිවරයා ලබන බදාදා කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා දැනුම් දෙන බවත් එම අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාද ඉදිරිපත්වන බව දැනුම් දුනහොත් ඡන්දයක් පැවැත්වීමට තීරණය කර ඇති බවත් එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතෙන් 30ක් !

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය 90කට වැඩි සාමාජික සංඛ්‍යාවකින් සමන්විත විය යුතු වුවද මේවනවිට ඊට පත්ව ඇත්තේ 63දෙනෙකු පමණි.  ඉන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් මෙවවිට සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කිරීමට ප්‍රසිද්ධියේම සහය පළකර ඇති බව ද ලීඩර් වෙබ් අඩවිය වාර්තා කරයි.

එම තත්වය තුල පක්ෂ නායකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහට එම පක්ෂයේ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල යටතේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට වහාම තමන්ට හිතවත් 30 දෙනෙකු නම් කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම වෙබ් අඩවිය වාර්තා කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න