Language Switcher

V2025

මැතිවරණ ආරක්ෂාව හා සම්බන්ධීකරණ කාර්යාලය 23 සිට වැඩ !

මැතිවරණ ආරක්ෂාව හා සම්බන්ධීකරණ කාර්යාලය හෙට (23) සිට ක්‍රියාත්මක බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ මැතිවරණ නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් අනියුක්ත කර ඇති බවත් වාර්තා වෙයි.

ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි හෝ තොරතුරු එම කාර්යාලය මගින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව හිමි වේ.

මැතිවරණ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් දිස්ත්‍රික් මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇතැයිද ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.