Language Switcher

V2025

දිල්රුක්ෂි කියන ඇමති කවුද ? : පරීක්ෂණයක් අවශ්‍යයි - තලතා 

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්,  දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්  දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ  සිදු කළ ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.

එතුමිය හිතනවා නම් ඇමතිවරයෙක් සම්බන්ධයෙන් මේ වු බවට අනිවාර්යයෙන්ම ඒ ඇමතිවරයා කවුද යන්න හෙළි කර යුතු බවද අමාත්‍යවරිය පැවසීය.කෙසේ වුවත් ,අමාත්‍යවරයෙක් සම්බන්ධ වුවත් නැතත් මේ වගේ වගකිව යුතු තනතුරක් දරණ නිලධාරීනියකට එලෙස සිදු කළ නොහැකි බවද අමාත්‍යවරිය පෙන්වා දෙයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ (22) අද ලක්ෂ 5000 ක මුදලක් වැය කරමින් මහල් තුනකින් යුතුව ඉදිකිරීමට පුගොඩ නව අධිකරණ සංකීර්ණය සදහා  මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමිනි.

එහිදි වැඩි දුරට අදහස් දැක්වු අමාත්‍යවරිය,

"එතුමිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේ සිටින නිලධාරීනියක් දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යාංශය යටතේ තිබුණට.ඒ සම්බන්ධයෙන් අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඉල්ලීමක් කරලා තියෙනවා මේපිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරලා අවශ්‍ය කටයුතු කරන්න කියලා නීතිපතිවරයාගෙන්. ඒක නීතිපති වරයා විසින් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදුකළ යුතුයි.ප්‍රශ්නය-ඇයගේදුරකථන සංවාදයේ දී රජයේ ඇමතිවරයෙක් බලපෑම් කළ කියලා කියවෙනවා.පිළිතුර-ඇමතිවරයාත්කවුද කියලා කියන්න ඕන.හෙලි කරන්න ඕන.

එතුමිය හිතනවා නම් ඇමතිවරයෙක් සම්බන්ධයෙන්තමයි මෙක වුණේ කියලා එතුමිය අනිවාර්යයෙන්ම ඒ ඇමතිවරයා කවුද කියලා හෙලි කරන්න ඕන.   මමත් කියන්නේඇමතිවරයා හෙලි කරන්න කියලා.මොකද අපි ඒවාට කිසිම කෙනෙකුට උදවු උපකාර කරන්නේනැහැ.අපි ඒ වගේ දේවල් ඒ වගේ නිලධාරීනියකගෙන් බලාපොරාත්තු වෙන්නේත්නැහැ.

අනිවාර්යයෙන්ම එහෙම සම්බන්ධයක් තුළ මේක වුණා නම් ඇමතිවරයාත් හෙළි කිරීම එතුමියගේ වගකීමක් .හැබැයි ඇමතිවරයෙක් සම්බන්ධ වුණත් නැතත් මේ වගේ වගකිව යුතුතනතුරක් දරන නිලධාරීනියකට ඔහොම කරන්න බැහැ "