යුද්ධ හමුදාපති යාපනයේදී අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට පාපැදි බෙදාදීම සඳහා එක්වෙයි

යුද්ධ හමුදාපති යාපනයේදී අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට පාපැදි බෙදාදීම සඳහා එක්වෙයි

යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිදුකළ පළමු නිල සංචාරයට සමගාමීව යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට තවත් පාපැදි තොගයක් සහ ආර්ථීක වටිනාකමින් යුත් පැළ තොගයක් බෙදාදීමේ උත්සවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සෙනසුරාදා (21) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී පැවැත්විණි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ ඉල්ලීමකට අනුව මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

දුර බැහැර ප්‍රදේශවල පදිංචි ආර්ථික අපහසුතා ඇති පවුල්වල සිසුන්ට ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් පාසල් වෙත යාමට නොහැකි වී ඇති අතර මෙම පාපැදි බෙදාදීම එම සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උත්තේජයක් වනු ඇත.

මෙම අවස්ථාවට සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සියලුදෙනා අමතමින් අර්ධද්වීපයේ සිසුන් අපේ අනාගතය බැවින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට හැකි සෑම ආකාරයකින්ම උපකාර කිරීම සඳහා ජනතාවට හිතකර ආරක්‍ෂක හමුදාවක් සුදානම් කර ඇති බව පැවසීය.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් අර්ධද්වීපයේ මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින රුක් රෝපණ වැඩසටහනට සමගාමීව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් එම අවස්ථාවේදීම එම ප්‍රතිලාභීන් සමඟ පැමිණි දෙමව්පියන්ට කොස්, පොල්, පලතුරු ආදී ආර්ථික වටිනාකමින් යුත් පැළ තොගයක් බෙදාදෙනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය දේශීය හා විදේශීය පරිත්‍යාගශීලින් සමඟ ඇති සුහදත්වය පුළුල් කරමින් පසුගිය වසරක කාලය තුළ යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට පාපැදි 400 කට අධික ප්‍රමාණයක් බෙදාදීමට සමත්වීම විශේෂත්වයකි.

මෙම උත්සවය අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් පැමිණ සිටි සිවිල් වැසියන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

{gallery}jaffna-bike{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න