Language Switcher

V2025

ශවේන්ද්‍ර හමුදාපති කිරීම ගැන UN විරෝධය !

එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා භටයින් යෙදවීම තහනම් කිරීමට තීරණය කර ඇති බව foreignpolicy.comවෙබ් අඩවිය වාර්තා කර සිටියි.

වත්මන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙරට යුධ හමුදාපතිවරයා ලෙස පත් කිරීමට විරෝධය පළ කරමින් එම තීරණය ගෙන ඇතිබව එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් foreignpolicy.comවෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර සිටියි.

එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවති යුද්ධයේ අවසාන අදියරයේදී (2009) ශවේන්ද්‍ර සිල්වා විසින් නායකත්වය දෙන ලද 58 වෙනි බලකාය සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවටත් ඒ අනුව ඔහු මානව හිමිකම් උල්ලංඝණය කළ බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය දිගින් දිගටම චෝදනා එල්ල කරනු ලැබිය.

විදේශ ප්‍රතිපත්තියට අනුව එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් සිදුකරනු ලබන රටවල් හයකට ශ්‍රී ලංකාව විසින් කරන ලද දායකත්වය පිළිබඳව  එක්සත් ජාතින්ගේ සංවිධානයේ ස්තුතිය පුද කරන නමුත්, වත්මන් යුධ හමුදාපතිවරයාගේ පත් කිරීමත් සමග එය ඉදිරියට පවත්වාගෙන යාමේ ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බව,  එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් ප්‍රකාශ කර සිටියි.

දැනට සේවයේ යෙදි සිටින ලාංකික භට පිරිස්වල කාල සීමාව සම්පුර්ණ වීමෙන් අනතුරුව ලබන මාසයේ සිට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාම මෙහෙයුම් සඳහා ශ්‍රී ලාංකික හමුදා යෙදවීම අත්හිටුවනු ඇති බව වාර්තා වේ.

අදාල foreignpolicy.comවාර්තාව පහත පළවේ.

PHOTO 2019 09 25 21 13 07"රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්"

ශ්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳුදා (අගෝස්තු19) පත් කෙරුණි. ඉන් අනතුරුව ඔහු ලුතිනන් ජෙනරාල් තනතුරට උසස් කරන ලදි.

ඔහු එම තනතුරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කෙරුණේ යුද හමුදාපති වශයෙන් කටයුතු කළ ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක විශ්‍රාම යාම හේතුවෙනි අගෝස්තු 18 වෙනිදා විශ්‍රාම යෑම හේතුවෙනි.

Shavendra

  ශවේන්ද්‍ර සිල්වා 23 වෙනි යුද හමුදාපති වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කෙරිණි. 

මෙම පත්කිරීමට එරෙහිව මතුවූ ජාත්‍යන්තර විරෝධයට පිළිතුරක් දෙමින් නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ, යුද හමුදාපතිවරයා පත්කිරීම "රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්" බවකි.

එහි තවදුරටත් දැක්වෙන්නේ "විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමටඋත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවක්" බවය.

"චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කනගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ" යනුවෙන් ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.