හංසයා ලකුණින්  සජිත් නාමයෝජනාව දෙන දවස - පළමු රැලිය : සේරම මෙන්න 

හංසයා ලකුණින්  සජිත් නාමයෝජනාව දෙන දවස - පළමු රැලිය : සේරම මෙන්න 
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙත භාරදී ඇති අතර ඔහු එළැඹෙන ඔක්තෝබර් 03 වනදා නාමයෝජනා ලබාදීමට නියමිත බවත් වාර්තා වෙයි.
 
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය නාමයෝජනා ලබාදීම සිදුකරන්නේ හංසයා ලකුණින් ය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හරහා ඒ අනුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඔක්තෝබර් 03 වනදා ට යෙදී ඇති සුභමුහුර්තියක නාමයෝජනා ලබාදීම සිදුකරනු ඇත.
 
එසේම එජාපය ප්‍රමුඛ සන්ධානයේ ජයග්‍රාහී ප්‍රථම රැලිය ඔක්තෝබර් 09 වනදා පැවැත්වීමට නියමිත අතර ලංකා ඉතිහාසයේ වැඩිම ජනකායක් එක්වන රැලියක් බවට එය පත්වනු ඇති බවත් වාර්තා වෙයි.
 
පසුගිය ජනාධිපතිවරණය සදහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන ඉදිරිපත් වූයේද මෙම පක්ෂයෙන් වන අතර එය එජාප උප නායක  රවී කරුණානායක අමාත්‍යවරයා සතු පක්ෂයක් බවත් ප්‍රකටය.
 
මේ අතර පක්ෂ සමගිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය කරුණු 5ක් සඳහා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඇතුළු එජාප නායකයන් එකඟතාව පළකරගෙන ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න