සජිත්ට දෙනවද නැද්ද ? : රනිල්ගේ තීන්දුව අද !

සජිත්ට දෙනවද නැද්ද ? : රනිල්ගේ තීන්දුව අද !

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තොර ගැනීම සඳහා පැවැත්වෙන තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද (26) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිත අතර එය පැවැත්වෙන ස්ථානය මේ මොහොතවන තෙක්  කිසිඳු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු හට දැනුම් දී නොමැත.

පක්ෂනායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්විමට නියමිත බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

එම රැස්වීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ගෙන් කළ විමසීමක දී පැවසුයේ, කෘත්‍යාධිකාරී මණ්ඩලය පැවැත්වෙන වේලාවක් හෝ ස්ථානයක් ගැන අද (26) උදැසන වන තෙක් තමන්වෙත දැනුම් දී නොමැති බවයි.

එජාප ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා එජාපෙ පාර්ලිමේන්තු කණ්ඩායම එකවර කැඳවන්නැයි තමන් විසින් පක්ෂ නායකත්වයෙන් ඉල්ලිමක් කළ බවද ප්‍රේමදාස අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

කෙසේවුවද theleader.lkවෙත වාර්තාවන්නේ ජනාධිපති අපේක්ෂකයා ගැන තීන්දුවක් ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය පමණක් කැඳවීමට එජාප නායකයා තීරණය කර ඇති බවයි.

එහෙත්, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද සවස 5.00ට 'සිරිකොත' එජාප මුලස්ථානයට කැඳවා තිබේ. ඒ, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව දැනුම් දීම සඳහාය.

ඉන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ නායකයින් කැඳවා එම තීරණය දැනුම්දීමට තීරණය කර තිබෙන බව වාර්තාවේ.

''කොන්දේසි වලට යටත් නොවෙමි'' - සජිත් යළි අවධාරණය කරයි 

මේ අතර සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඊයේ (25) පස්වරුවේ මතුගම මහජන ක්‍රිඩාංගණයේ පැවති ‘‘සජිත් එනවා’’ කළුතර දිස්ත්‍රීක් රැළිය අමතමින් යළිත් අවධාරණය කර සිටියේ, කොන්දේසි සහිත දේශපාලන ගමනකට තමන් කිසිඳු විටෙක සූදානම් නොමැති බවයි.

ජනාධිපති අපේක්ෂකත්වය හෝ වෙනත් කිසිදු තනතුරක් වෙනුවෙන් මාතෘභූමිය හෝ ශ්‍රී ලාංකීය පුරවැසියන් හෝ තම හෘද සාක්ෂිය හෝ සිය ආත්ම ගරුත්වය කිසිඳු විටෙක පවා නොදෙන බව ඔහු එහිදී අවධාරණය කළේය.

වීඩියෝ 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න