ගුරු - විදුහල්පති හෙට අනිද්දා ලෙඩ වෙන ලකුණු !

ගුරු - විදුහල්පති හෙට අනිද්දා ලෙඩ වෙන ලකුණු  !

හෙට (26) සහ අනිද්දා (27) දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයක නිරත වීමට ලංකා ගුරු  සංගම් තීරණය කර තිබේ.

වසර 22 ක් තිස්සේ පවතින ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර වැටුප් වැඩිකිරීමට බල කිරීම ඇතුළු ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් දිවයින පුරා සියලූ ගුරු-විදුහල්පතිවරු 2019 සැප්තැම්බර් 26-27 දෙදින අසනීප නිවාඩු වාර්තා කර වැඩවර්ජනයක් කිරීමට කටයුතු යොදා ඇති බවද එම සම්ගම් පැවසීය.

මේ සම්බන්ධයෙන් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, පළාත් අධ්‍යාපනඅමාත්‍යාංශ ලේකම්වරු, විභාග කොමසාරිස්වරයා ලිඛිතව දැනුවත් කර ඇතත් මේ වන තෙක් කිසිදු ප‍්‍රතිචාර දැක්වීමක් හෝ සාකච්ඡා ලබාදීමක් සිදු කර නොමැති බවත්,  මේ තත්වය තුළ වසර 22 ක් තිස්සේ පවතින බී.සී. පෙරේරා වැටුප් විෂමතා ඉවත්කර ගුරු-විදුහල්පති වැටුප් වැඩි කිරීම, දේශපාලන පලිගැනීම්වලට මුවාවී සිදු කරන සියලූ පත්වීම් හා වරදාන අහෝසි කිරීම, කොළ පිරවිලි ඇතුලූ පීඩාකාරී අමතර වැඩ නවතා ගුරුවරුන්ට ඉගැන්වීමට ඉඩ ලබාදීම, දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම නවතා අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කිරීම, 2016 සිට අහිමි කළ විශ‍්‍රාම වැටුප යළි ලබාදීම, පිරිවෙන් හා ආධාර ලබන පාසල් ගුරුවරුන්ට රජයේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය ලබාදීම යන ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් දිවයින පුරා සියලූ පාසල්වල ගුරුවිදුහල්පතිවරු 26-27 දෙදින අසනීප නිවාඩු වාර්තා කරන අතර, දිවයින පුරා ගුරු-විදුහල්පතිවරුන්ගේ දිවයින පුරා ගුරු-විදුහල්පතිවරුන්ගේ දිවයින පුරා ගුරු-විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් 2019 සැප්තැම්බර් 26 දින පෙ.ව. 10.00 ට කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවද එම සංගම් පැවසීය. 

එසේම එම දින දෙකේ උසස්පෙළ උත්තර පත‍්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කිරීමට ද කටයුතු යොදා ඇති බව ලංකා ගුරු සංගමයේ  ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා  සදහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න