Language Switcher

V2025

පූජිත්ගේ සංශෝධිත දිවුරුම් ප්‍රකාශයට පත්කල : දප්පුල විරෝධය දක්වයි !

පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධව හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ විය.

එහිදී නීතිපතිවරයා වන දප්පුල ද ලිවේරා කරුණු ඉදිරිපත් කරමින් වගඋත්තරකරුවන් වන පූජිත් ජයසුන්දර විසින් ගොනු කළ සංශෝධිත දිවුරුම් ප්‍රකාශයට එරෙහිව විරෝධතා ඉදිරිපත් කරන ලදී. 

එම දිවුරුම් ප්‍රකාශය මගින් නීතිපතිවරයා විවේචනය කර ඇති බව නීතිපතිවරයා පවසා සිටියි.

මෙම පෙත්සම් අද දින අගවිනිසුරු ප්‍රමුඛ  ශ්‍රේෂ්ඨාධිකරණයේ  විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබිණ.