එජාප මන්ත්‍රීවරුන් 5ක් දොට්ට !

 එජාප මන්ත්‍රීවරුන් 5ක් දොට්ට !

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විජයදාස රාජපක්‍ෂ, දුනේෂ් ගන්කන්ද, එස්. බී. නාවින්න, අශෝක ප‍්‍රියන්ත, ආනන්ද අලූත්ගමගේ යන අයගේ  පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.

ඊට අදාළ ලිපි එම මන්ත‍්‍රීවරුන් 05 දෙනා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවීමට එජාප මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් කටයුතු කර ඇති බවත් ඒ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ද දැනුම්දීමට නියමිත බවත් එම පුවතේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම, විනය කඩ කිරීම, විරුද්ධ පක්‍ෂ සමග  එක්වීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගනිමින් අදාළ මන්ත‍්‍රීවරුන්ව පක්‍ෂයෙන් නෙරපා ඇතැයි එජාප ආරංචිමාර්ග සඳහන් කළ බවත් අදාල පුවතේ වැඩිදුරටත් දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න