වෛද්‍ය සාෆි සියාබ්දීන්ට එල්ලවු වඳ සැත්කම් චෝදනාව හමුවේදී හැසිරුණු ආකාරය පිළිබඳව කරුණු විමසීමක් සිදුකිරීම සඳහා කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාරට සෞඛ්‍ය අමාත්‍යාංශයට සැප්තැම්බර් 24 වැනිදා කැඳවා ඇතත් එම පරීක්ෂණයට ඔහු පැමිණ නැත.
වෛද්‍ය සාෆිගේ බිරිඳ වන නසීර් ඉමාරා සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ පැමිණිල්ලක් අනූව සිදුකළ පරීක්ෂණයට අදාලව එම කැඳවීම සිදුකර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුම නොමැතිව කිසිම ප්‍රකාශයක් මාධ්‍ය වෙත ප්‍රකාශ නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නියෝග කර තිබියදී වෛද්‍ය සරත් වීරබණ්ඩාර වෛද්‍ය සාෆි සියාබ්දීන්ට එල්ලවු වඳ සැත්කම් චෝදනාවේදී මාධ්‍ය ප්‍රකාශ සිදුකිරීම පිළිබඳ වෛද්‍ය නසීර් ෆාතිමා ඉමාරා එම පැමිණිල්ල කර ඇත.
අනිද්දා කළ විමසීමකදී වෛද්‍ය ෆාතිමා ඉමාරා පවසා සිටියේ සරත් වීරබණ්ඩාර සම්බන්ධයෙන් එම පරීක්ෂණ කමිටුවේ සිටි සාමාජිකයන් තමන්ගෙන් පැය තුනක් පමණ සාක්ෂි සටහන් කරගත් බවත් ඔහු මාධ්‍ය ඉදිරියේ සිදුකළ ප්‍රකාශ ඇතුලත් සීඩී පටයක් අමාත්‍යාංශයට භාරදුන් බවත් ය.
(අනිද්දා )

