ගෝඨා වෙනුවට විකල්පයක් නැතුව : පොහොට්ටුවේ අර්බුදයක් !

ගෝඨා වෙනුවට විකල්පයක් නැතුව : පොහොට්ටුවේ අර්බුදයක් !
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට තරඟ කිරීමට නොහැකි වුවහොත් විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කිරීම සම්බන්ධයෙන් එම පෙරමුණේ අවධානය යොමුව තිබේ.
 
ඒ සම්බන්ධයෙන් වන හදිසි පක්‍ෂ නායක සාකච්ඡාවක් අද (30) පස්වරුවේ කැඳවා ඇති බව විපක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
 
ගෝටාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීමට කිරීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.
 
අදාල ලියකියවිලි කිසිදු ප්‍රශ්නයක් නැතත් 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබාගත හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධාවක් ඇති වන නිසා මෙසේ සූදානම්ක ඇතැයි වාර්තා වෙයි.
 
15305 කුමක්ද ?
 
 එසේම 2005 වසරට අදාළ ද්විත්ව පුරවැසි ලේඛනයේ ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් අංක අතර නොගැලපීමක් තිබෙන බවත් මේ වන විට අනාවරණය වී ඇත.
 
 එහිදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමක් හෝ නීතිවිරෝධී ලෙස ලේඛන වෙනස් කිරීමක් පැහැදිලිව පෙනෙන්නට ඇති බව ද නීතිවේදීහු පෙන්වා දෙති. 
 
ද්විත්ව පුරවැසි ලේඛනයට අදාළ පරිගණක වාර්තා මගින් 15305 අංකය යටතේ ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් වෙන බව වාර්තා වන නමුත්  එම වසරේ ද්විත්ව පුරවැසි වාර්තා සඳහන් නිල මුද්‍රිත ලේඛන වල එම අංකය යටතේ ඇත්තේ වෙනත් නමක් බවත් වාර්තා වෙයි.
 
එසේම මේ වන විට පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ දැඩි අර්බුදයක් බවට පත්ව ඇත්තේ මේ වන විට අනාවරණය වී ඇති සමහර තොරතුරු රාජපක්ෂ සහෝදරයන් කිහිපදෙනකු පමණක් දන්නා පවුලේ රහස් වීමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න