වැටුප් ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් නොලැබුණහොත් එළඹෙන බදාදා(02) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අලුතින් පත්කරනු ලැබූ කැබිනට් මණ්ඩලයේ අනු කමිටුව විසින් වැටුප් ගැටලුවට විසඳුමක් ලබානොදුනහොත් මෙම ක්‍රියාමාර්ගයට යන බව එම සංගමය වැඩිදුරටත් කියාසිටී.
පසුගිය සතියේදී මෙම අනුකමිටුවට පත්කරන ලද පිරිස අතර, අමාත්‍ය මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සිටිති.
මෙම වැටුප් ගැටලුවට වසර 2ක් තිස්සේ විසඳුම් ලබාදී නොමැති බව ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
මෑතකදී ආපදාවට ලක්වූ පිරිස සහ රෝගීන් සම්බන්ධයෙන් සලකා මේවනතුරු වර්ජනය ආරම්භ නොකළ බව ද එම නිලධාරීන් පවසන නමුත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ වෙනත් කතාවකි.
පොහොට්ටු අපේක්ෂකයා දිනන තුරු අඛණ්ඩ වර්ජනයක් : ජඩමාධ්‍ය වාර්තාකරණයට සූදානම් !
එනම් පොදුජන පෙරමුණ අපේක්ෂකයා වෙනුවෙන් සහය දැක්වීමට සහ ආණ්ඩුව සම්බන්ධව ජනතා අප්‍රසාදයක් ඇති කිරීමේ අපේක්ෂාව ඇතිව ජනාධිපතිවරණය අවසන් වන තුරු දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වන බවයි.
පොහොට්ටු පාර්ශවයේ දේශපාලන ප්‍රබලයකු වෙතින් ලැබුණු උපදෙස් අනූව මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ආබාධිත හමුදා සාමාජිකයන් ගේ උපවාසය වාර්තා කළ ආකාරයට රජය අපකීර්තියට පත්වන ආකාරයට මේ සම්බන්ධව පුවත් පලකර සිටින ලෙස පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන දෙකක් වෙත දැනටමත් උපදෙස් නිකුත්කර ඇති බවත් වාර්තා වෙයි.

